News Line| Off Air
Generic placeholder image

Feb
26

“ශ්‍රී ලංකාවට, බංගලාදේශයට ගහන එක ගේමක් නෑ. ලොකු අයව ගෙදර තියලා පොඩි අයව අරන් යන්න.” – නිදහස් කුසලානයට එන ඉන්දීය කණ්ඩායම තේරුවේ මෙහෙමයි.

3569 Views


“ශ්‍රී ලංකාවට, බංගලාදේශයට ගහන එක ගේමක් නෑ. ලොකු අයව ගෙදර තියලා පොඩි අයව අරන් යන්න.” – නිදහස් කුසලානයට එන ඉන්දීය කණ්ඩායම තේරුවේ මෙහෙමයි.

ලබන මාසේ 6 වෙනිදා නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය පටන් ගන්නවා. ශ්‍රී ලංකාව එක්ක ඉන්දියාව සහ බංගලාදේශය නිදහස් කුසලානය දිනා ගන්න සටන් වදිනවා.

නිදහස දිනා ගන්න එන ඉන්දීය ක්‍රිකට් බලඅැණිය ප්‍රභලයින් රැසක්ම ගෙදර තියලයි එනනේ. විරාත් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝණි එ් අතරින් ප්‍රධානයි. හර්දික් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, බුවනේශ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රාත් නිදහස් කුසලානයේදී විවේක ගන්වලා තියෙනවා.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය එක්ක තරඟවදින්න ජේෂ්ඨ ක්‍රීඩකයින් අවශ්‍ය නෑ කියලයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කියලා තිබ්බේ. මේ තරඟාවලියට නවක ක්‍රීඩකයින් 5 දෙනෙක් ඉන්දීයාව කැඳවලා තියෙනවා. කණ්ඩායමේ නායකත්වය බාර දීලා තියෙන්නේ රෝහිත් ෂර්මාට.

මේ තියෙන්නේ නිදහස් සටනට එන ඉන්දීය බලඅැණිය.

රෝහිත් ෂර්මා (නායක) ෂිකර් ධවාන් (උප නායක) ලෝකේෂ් රාහුල් සුරේෂ් රයිනා මනීෂ් පාණ්ඩේ දිනේෂ් කාර්තික් දීපාක් හූඩා වොෂින්ටන් සුන්දර් යුෂ්වේන්ද්‍ර චාහල් අක්ෂර් පටෙල් විජේ ශන්කර් ෂර්දුල් ඨාකූර් ජයදේව් උන්ක්ඩාත් මොහොම සිරාජ් රිෂාබ් පන්ට්


News Articles
Latest Videos
Most Popular Post