පාසලක උත්සවයකට දේශපාලනඥයෙක් අාවම ළමයින්ට කියලා බුලත් දීලා මල් මාලා දාලා වන්දවලා පිළිගන්නේ. දැන් නම් ලංකාවේ ගුරුවරුන්ටත් දේශපාලනඥයාන්ට දණ ගහලා වදින්න වෙලා තියෙන්නේ. එහෙම වෙලාවක මුදල් මා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වටිනා ප්‍රකාශක් කරා.
එතුමා පාසලක උත්සවයකට සහභාගී වුන වෙලාවක තමයි මේ ප්‍රකාශය කරේ. රටේ තියෙන සේරම නොහොඹිනා වැඩ කරන දේශපාලනඥයින්ට දණ ගහලා වදින්න එපා කියලයි මංගල අැමතිතුමා කිවවේ. අාගමික ශාස්තෘවරුන්ට, දෙමාව්පියන්ට සහ ගුරුවරුන්ට විතරක් වැන්දා නම් අැති කියලයි අැමතිතුමා කිව්වේ.
බලය ඉදිරියේ දූෂිතයන්ට නැවෙන්න එපා කියලා මංගල අැමතිතුමා කිව්ව කතාව පාසල් ළමයින්ට මෙන්ම හැමදෙනාටම ලොකු අාදර්ශයක්. මේ තියෙන්නේ එතුමා කියපු කතාව.
“මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳන්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී ආවත් වඳිනවා, කැබිනට් ඇමැති ආවත් වඳිනවා. මම ගෙදර ගිහින් මොන විදිහේ නීති විරෝධී වැඩ කරනව ද කියල ඔයාල කොහොම ද දන්නෙ? ඒ නිසා ගරුකරන කෙනෙකුට ගරු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.“