News Line| Off Air
Generic placeholder image

Feb
27

බ්‍රිගේඩියර්ට ලැබුණු දඩුවම මෙන්න.

1195 Views


බ්‍රිගේඩියර්ට ලැබුණු දඩුවම මෙන්න.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටිය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව පහුගිය දා අායෙත් ලංකාවට කැදෙව්වා. හමුදාපතිවරයා නම් කිව්වේ ඔහුගේ අාරක්ෂාවට එහෙම කරා කියලා. හැබැයි අද තිබ්බ මාධ්‍ය හමුවකදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න කිව්වේ වෙනම කතාවක්..

ඔහු කිව්වේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට චීනයේ මාස තුනක පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක් ලබා දීලා කියලා. එ් වගේම යුධ හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානානයක සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අතර අද මේ ගැන සාකච්ඡාවකුත් පවත්වලා කියලයි.

එ් නිසා බ්‍රිගේඩියර්වරයාගේ තානාපති සේවය අහෝසි වෙනවා කියලත් අජිත් ප්‍රසන්න මහතා පෙන්වා දෙනවා. ප්‍රියංක ප්‍රනාන්දුගේ බිරිඳ සහ දරුවන්ගේ වීසා අවලංගු කරලා වහාම ලංකාවට ගෙන්වන්න කියලා දෙමළ ඩයස්පෝරාවත් ඉල්ලලා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post