News Line| Off Air
Generic placeholder image

Feb
27

“නීතිය හා සාමය ෆොන්සේකාට දෙන්න.” – ජනපති උපදේශකයෝ කියයි. “දෙනවානම් බලපෑම් කරන්න බෑ” – ෆොන්සේකා කියයි.

866 Views


“නීතිය හා සාමය ෆොන්සේකාට දෙන්න.” – ජනපති උපදේශකයෝ කියයි. “දෙනවානම් බලපෑම් කරන්න බෑ” – ෆොන්සේකා කියයි.

කැබිනට් සංශෝධනයේදී වැඩියෙන්ම අවධානය යොමු වුන අමාත්‍යංශය තමයි නීතිය හා සාමය. සාගල රත්නායක මහතා එම අමාත්‍යංශයෙන් ඉව් වුණාට පස්සේ කාට දේවිද කියලා තමයි හැමෝම බලාගෙන හිටියේ

කැබිනට් සංශෝධනය කිට්ටු වෙද්දී වටින් ගොඩින් කියවුනේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට එම අමාත්‍යංශය දෙන්න යනවා කියලා. හැබැයි කැබිනට් සංශෝධනයේදී එම අමාත්‍යංශය ලැබුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට. හැබැයි එතුමා නීතිය හා සාමය බාර ගත්තේ සති දෙකකට කියලා මැති අැමතිවරු කිහිප දෙනෙක්ම කිව්වා.

ඉන්දුනීසියාවේ සංචාරය නිමා කල වහාම සරත් ෆොන්සේකා මහතා ගියේ අරලියගහ මන්දිරයට. එ් අගමැතිතුමාගේ කැදවීමක් නිසා. නීතිය හා සාමය අමාත්‍යංශය බාර අරගෙන කරන්න කියලා තමයි අගමැතිතුමෙ එහිදී සරත් ෆොන්සේකාට කිව්වේ. අමාත්‍යංශයේ ඉදිරි වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලාත් ඔවුන් දෙදෙනා දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. සරත් ෆොන්සේකා මහතා විශේෂ කොන්දේසියකුත් මේ වෙලාවේ දැම්මා. එ් අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා අමාත්‍යංශයේ වැඩවලට කිසිම බලපෑමක් කරන්න බෑ කියලා.

තමන් හමුදාවේ කටයුතු කරා වගේ කිසිම වෙලාවක අමාත්‍යංශයේ වැඩ කරන්නේ නෑ කියලා ෆොන්සේකා මහතා අගමැතිතුමාට කියා සිටියා. විමර්ශන අංශ වලට ඔවුන්ගේ රාජකාරි අකුරටම සිදුකිරීමට සහය දෙන ගමන් අවශය පහසුකම් සලසනවා කියලත් ප්‍රකාශ කරා. මේ සාකච්ඡාවේ තොරතුරු ජනාධිපතිතුමාටත් දැනුම් දීලා තියෙනවා. ජනාධිපතිතුමාගෙනුත් මේකට කොළ එළියක් දල්වලා තියෙනවා.

එ් අතරේ නීතිය හා සාමය අමාත්‍යංශය ශ්‍රීලනිපයට ගන්නත් උත්සහයක යෙදෙනවා. ඊයේ ශ්‍රීලනිප මූලස්ථානයේ තිබ්බ මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියා.

සියත 24 වෙත අාරංචි වුන පරිදි ජනාධිපති උපදේශකයන් පවා සරත් ෆොන්සේකාට එම අමාත්‍යංශය ලබා දීම අනුමත කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post