ස්වභාවධර්මයත් හරි පුදුම දෙයක්. සමහරුන්ට කිසිම අඩුවක් පාඩුවක් නැතුව දේවල් දෙනකොට සමහරුන්ට දෙන්නේ ටිකක් අමාරුවෙන් ලබා ගන්න.
ජිල් සහ මයිකල්ට හිටියේ පිරිමි දරුවන් දෙන්නෙක්. එ් නිසා පුංචි දූ සිඟිත්තක් පවුලට හිටියා නම් හොදයි කියලා ඔවුන් හිතුවා. ස්වභාවධර්මයත් ඔවුන්ට එකවර දියණියන් දෙන්නෙක්ම දුන්නා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබ්බා.
මේ සිඟිත්තියන් දෙන්නම පපුවෙන් එකට බද්ධ වෙලා හිටියේ. හැබැයි වාසනාවට වගේ ඔවුන්ට හදවත් දෙකක් තිබ්බා. වෛද්‍යවරු කිව්වේ ටික කාලයකින් දෙන්නව වෙන් කරන්න පුළුවන් කියලා. ග්‍රෙස් සහ එලිසබත් කියලා තමයි දෙන්නව නම් කරේ.