News Line| Off Air
Generic placeholder image

Feb
28

ඇසට ඇසක්, කනට කනක් න්‍යාය උඩු දුවයි. හතුරු නැති අඩුව පුරවන්න බංගලි පුහුණුකරු ධූරයට කැදවූ ලාංකිකයා මෙන්න.

2308 Views


ඇසට ඇසක්, කනට කනක් න්‍යාය උඩු දුවයි. හතුරු නැති අඩුව පුරවන්න බංගලි පුහුණුකරු ධූරයට කැදවූ ලාංකිකයා මෙන්න.

ලබන 6 වෙනදි නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය පැවැත් වෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශය තමයි නිදහස් සටනට එන්නේ.

හතුරුසිංහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු විදියට ගත්තාට පස්සේ බංගලාදේශයට තාම ප්‍රධාන පුහුණුකරුවෙක් නෑ. ශ්‍රී ලංකාව එක්ක තිබ්බ ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟාවලියට බංගලාදේශය සහභාගී වුණේ පුහුණුකරුවෙක් නැතුව.

හැබැයි පන්දු යවන්නන් පුහුණු කරන්න ලංකාවේ පුහුණුකරුවෙක්ම කැදවන්න බංගලාදේශය තීරණය කරලා තියෙනවා. එ් තමයි ලංකාවේ හිටපු වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමිපක රාමනායක. චම්පක රාමනායක මීට කලිනුත් බංගලාදේශ කණඩායමේ පන්දු යවන්නන්ගේ පුහුණුකරු විදියට කටයුතු කරා.


News Articles
Latest Videos
Most Popular Post