News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

තලේබාන් සංවිධානය දේශපාලන පක්ෂයක් ලෙස පිළිගන්න සුදානම්.

645 Views


තලේබාන් සංවිධානය දේශපාලන පක්ෂයක් ලෙස පිළිගන්න සුදානම්.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් සන්නද්ධ ව්‍යාපාරය සමග යලිත් සාමයෙන් කටයුතු කරන්න ඇෆ්ගනිස්තාන රජය තීරණය කරලා. සාම ක්‍රියාමාර්ගයක් ඇතුළත් වැඩසටහනකට එම ආරාධනාව කළේ ඇෆ්ගනිස්තාන් ජනාධිපති අශ්රෆ් ඝානි විසින්. ඒ “කාබුල් වැඩ පිළිවෙළ” නම් රටවල් විසි පහක් සහභාගී වෙන සමුළුවකදීයි.

යෝජිත සාම සැලැස්මට අනුව සටන් විරාමයක් සහ සිරකරුවන් මුදා හරිනු ලැබීමක් ද ඇෆ්ගනිස්තාන ජනාධිපති විසින් යෝජනා කළා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ වගේම තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගන්නත් ඇෆ්ඝන් රජය සුදානම් බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් කිවුවේ. මෙලෙස ක්‍රියාමාර්ගයක් යෝජනා කළේ වසර 16ක් පුරා පවතින ඇෆ්ගන් සිවිල් යුද්ධය සහ දේශපාලන අර්බුදය නිමා කිරීමේ අරමුණින්.


News Articles
Latest Videos
Most Popular Post