ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රී දේවි මිය ගියේ පසුගිය 24 වනදා ඩුබායි හිදී. ඊයේ දවසේ ඉන්දියාවේ ඇයගේ අවසන් කටයුතු සිදු කෙරුනා. එත් තවමත් ඇයගේ මරණය සම්බන්ධයෙන් එක එක විදිහේ තොරතුරු හුවමාරු වෙමින් තියෙනවා.
ඒ අතර ඉන්දියාවේ ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමී කියන්නේ, ශ්‍රී දේවිගේ මරණය ඝාතනයක් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියල තියෙන්නේ මේ ගැන බෝනි කපූර්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතුයි කියලයි.
“ඇය කවදාවත් සැර මත්පැන් පානය කරන්නේ නැහැ. එතකොට කොහොමද එයාගේ සිහිය නැතිවෙන්නේ. ඔබ මගෙන් අහනවානම් මේ මරණය වුණේ කොහොමද කියලා මම කියන්නේ මේක ඝාතනයක්.” ඒ වගේම මේ ඝාතනයට පාතාල ලෝකයේ සම්බන්ධයක්ද තිබිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
මෙම මරණය ගැන පරීක්ෂණ සිදුකළේ ඩුබායි පොලිසිය විසින්. ඔවුන් කියන්නේ මෙය සිහි නැතිවී බාත් ටබ් එකේ ගිලී සිදුවූ මරණයක් බවයි. සුබ්‍රමනියම් ස්වාමී කියපු විදිහට මෙම මරණය සිදුවද්දී ඇගේ ශරීරයේ ඇල්කොහොල් තිබූ බවටත් එම වාර්තාවල දැක්වෙනවා.