“හමුවෙන හැම ආත්මයේම ඔයා මගේම වෙන්න ඕන.”, “ඔයා වෙන්න ඇති මම පතාගෙන ආව කෙනා.”, ලංකාවේ ආදර කතා වල මේ වාක්‍ය දෙකෙන් එකක් නං බොහෝ විට තියෙනවා. හැබැයි ඉතින් ඇත්තටම ඒක එහෙම වෙන්න පුලුවන්ද? ගිය ආත්මයේ සහකරුම මේ ආත්මයේදීත් අපිට ලැබෙන්න පුලුවන්ද?
ඔව්, සමහර විට එහෙම වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඉතින් දැන් ඔබට ලැබිලා තියෙනේ ගිය ආත්මේ සහකරුමද කියලා බලා ගන්න රහසිගත ක්‍රම 3 ක් ගැනයි අපි ඔබට මේ කියන්න හදන්නේ.
ඔබේ සම්බන්ධය ආත්මයෙන් ආත්මයට පතාගෙන එන ආත්මීය බැඳීමක් නම් ඒ බව හඳුනා ගන්න ලක්ෂණ 3 ක් තියෙනවා. ඒ මගින් ඔබට පුළුවන් දැන් කෙනාමද ගිය ආත්මයෙත් හිටියේ කියලා බලා ගන්න.
1. හදිස්සියේ හමුවීම
ආත්මයෙන් ආත්මයට පතාගෙන එන ආදරය ඔබේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඔබට හම්බවෙන්න පුළුවන්. නැත්නං නොහිතපු වෙලාවක Park එකකදී, Class එකකදී, Office එකේදී එහෙමත් නැත්තන් මහා පාරේදී වුණත් මුණ ගැහෙන්න පුළුවන්. එක පාරටම ඒ ඇස් මුණ ගැහුණම ඔබට මහා හුරුපුරුදු බවක් දැනෙන්න පුළුවන්.
බොහොමයක් ආදරවන්තයින්ට මේ හැඟීම දැනුනත් කාලයක් යනකොට ඒක ඉබේම නැතිවෙලා යනවා. හැබැයි ඒක ආත්මීය බැඳීමක් නම් ඒ හුරුපුරුදු බව එන්න එන්නම වැඩි වෙනවා. එවැනි ආදරයක් ඔබට හමුවී තිබෙනවා නම් ඕනෑම කැපකිරීමක් කරලා ඒ ආදරය රැකගන්නයි ඔබ උත්සාහ කරන්නේ.
2. අදහස් බෙදා හදා ගැනීම අතිසාර්ථකයි
තමන්ගේ හිතේ තියෙනදේ අනිත් කෙනා තේරුම් ගන්නේ නැත්තනං ඒ බැඳීම සාර්ථක එකක් නෙවෙයි. ටික කාලයක් යන කොට දෙන්නටම ඒ බැඳීම එපා වෙනවා. හැබැයි ඔබව හොඳින්ම ඔහු හෝ ඇය තේරුම් ගන්නවා කියලා ඔබට හිතුනොත්, ඔබට ඔහුගේ හෝ ඇයගේ හැම හුස්මක්ම තේරුම් ගන්න පුළුවන් වුණොත් එය ආත්මීය බැඳීමක් විය හැකි. ආත්මීය බැදීමකදී කිසිම පාර්ශවයක් බොරු කියන්න ඕනේ වෙන්නේ නැහැ. ඇත්ත ක්ෂණිකව දෙදෙනාටම තේරුම් යනවා.
3. දෙන්නම එක්කෙනෙක් වගේ.
ආත්මීය බැඳීමේ ඇති ශක්තිමත්කම නිසා තම පවුලේ අනාගතය ගොඩනගා ගැනීමට දෙන්නාම එකා වගේ එකතු වෙලා වැඩ කරනවා. අනෙක් ආදරවන්තයන් වගේ බොලද දේවල් කරන්න ආත්මීය බැඳීමක් තියෙන පෙම්වතුන් උත්සාහ කරන්නේ නැහැ. ඔවුන්ට ආත්මීය අත්දැකීම් නිසගයෙන් ලැබෙන නිසා කළ යුතු, නොකළ යුතු දේ ගැන හොඳ අවබෝධයක් ඇති වෙනවා. දෙන්නම හිතන පතන විදිහ එකක් වුනාම ඒ සම්භාන්ධයට ආයුෂ වැඩි කියනවනේ. ඒ වගේ තමයි ආත්මීය බැඳීම සාර්ථක වෙන්නේ.
අන්තර්ජාලය ඇසුරෙන් සකස් කළ මේ ලිපියේ අවසානයේ අපි ඔබට විශේෂයෙන් මතක් කරන කාරණාව තමයි මේ ලක්ෂණ තියෙනව නම් ඔබට ලැබුනේ ගිය ආත්මයේ ආදරයම තමයි. බොහෝ විට එය ස්ථිරයි. නමුත් මේ ලක්ෂණ නැති වුණත් මේ ලක්ෂණ ගොඩ නගාගෙන සාර්ථක සම්බන්ධයක් ගෙනියන්න ඔබ උත්සාහ කළ යුතුයි.