අද ලග්න තුනකට හවුල් ව්‍යාපාර වලට සාර්ථක දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.
685 Views
අද මාර්තු මස 02 වනදා
රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 10.53 සිට දහවල් 12.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.53 සිට අලුයම 12.23 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: ගිනිකොණ
මේෂ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වලට වැඩි උනන්දුවක් දක්වන දිනයකි. කායික හා මානසික යෝග්‍යතාව ඉතාම හොදින් පවතින දිනයකි. විදෙස්ගත සම්බන්ධතා ශක්තිමත් වන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වර්ධනයක් ඇතිවන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 07
වෘෂභ ලග්නය

උදෑසන කාලයට වඩා හවස් කාලය වන ආදායම් තත්වය අතින් ඔබට සුභ වන දිනයකි. වෘත්තිමය කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරන අතර තම ව්‍යාපාර කටයුතු පිළබඳව වැඩි අවධානයක් දක්වන දිනයකි. කායික හා මානසික පීඩා අවම වන දිනයකි. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග තිබෙනවානම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 09
මිථුන ලග්නය

බොහෝ කටයුතු ඉතාම පහසුවෙන් කරගෙන යා හැකි දිනයකි. සාර්ථකව දිනය ගතකිරීමේ වාසනාව ඇත. සතුරු කරදර මර්දනය වන අතර ව්‍යාපාර වල දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 05
කටක ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. අන් අය වෙනුවෙන් ඔබ කැපවෙන දිනයකි. ඔබේ වැඩ කටයුතු වලට සතුරන්ගෙන් බාධාකාරී පහල වන දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. වැඩිහිටියන් සමඟ කරන කටයුතු වලදී ඉවසිල්ලෙන් කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 07
සිංහ ලග්නය

රෝග පීඩා දුරුවන සුභ දිනයකි. නමුත් ප්‍රවේසම් වීම ඔබට වඩාත් වැදගත් වේවි. ඉවසිලිවන්තව හා කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යා යුතු දිනයකි. වාහන ධාවනයේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. තාක්ෂණික හා හවුල් ව්‍යාපාර කටයුතු වලටද යෝග්‍ය දිනයකි. හොදින් සිතාබලා වැඩ කටයුතු සිදුකරන්න .
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03
කන්‍යා ලග්නය

ඔබේ විවාහ ප්‍රමාදවීම් හා ප්‍රේම සම්බන්ධතා වලට තිබු බාධා දුරුවන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු දියුණු වන දිනයකි. සමාජයේ වැඩි ගෞරවයට පාත්‍ර වන දිනයකි. අධ්‍යාපන ශක්තිය දියුණු වන දිනයකි. සමාජ ගෞරවයද නොමදව ලැබෙන දිනයකි. නමුත් කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 03
තුලා ලග්නය

කායික හා මානසික ශක්තිය ඉතාම යහපත් මට්ටමක පවතින දිනයකි. රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව කාර්යබහුල වන දිනයකි. වචන භාවිතයේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. මානව සම්පත් ආශ්‍රිත කටයුතු වලටද යෝග්‍ය දිනයකි. ප්‍රවේසම් වීම වැදගත්. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 08
වෘශ්චික ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු වල තිබු බාධා දුරුවන ඔබේ වැඩ කටයුතු සාර්ථක වන දිනයකි. නමුත් අපහාස හා චෝදනා ඇතිවිය හැකි දිනයකි. එබැවින් ඉවසිලිවන්තව මෙන්ම කල්පනාකාරීව වැඩ කරන්න. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට යෝග්‍ය දිනයකි. කෝපය පාලනය කරගත යුතු දිනයකි. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
ධනු ලග්නය

අධික කාර්යබහුලත්වයක් ඇතිවන දිනයකි. කායික හා මානසික පීඩා වැඩියෙන් ඇතිවිය හැකි දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කරන්න. නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 07
මකර ලග්නය

ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන සුභ දිනයකි. අන් අය ඔබේ උදව් බලාපොරොත්තුවෙන් ඔබව සොයාගෙන එන දිනයකි. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. ඉංජිනේරු වෘත්තිකයින්ට වඩාත් යෝග්‍ය දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
කුම්භ ලග්නය

ඔබේ ආදායම් තත්වය වර්ධනය වන සුභ දිනයකි. ඔබ කරන කියන දේවල් වලට අන් අයගේ වැඩි ආකර්ෂණය වන සුභ දිනයකි. නව ආදායම් මාර්ග ඇතිවන දිනයකි. නව අදහස් පහල වන සුභ දිනයකි. ඔබේ වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 08
මීන ලග්නය

ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි. ඔබේ සිත තුල තිබු සිහිනයන් යතාර්ථයක් කරගත හැකි සුභ දිනයකි. තරග ආදියෙන් නියත ජය ලබාගත හැකි සුභ දිනයකි. ගුප්ත අදහස් මෙන්ම ගුප්ත සිතුවිලි ඇතිවන දිනයකි. ඉවසීමෙන් හා ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 09
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 676 53 53