News Line| Off Air
Generic placeholder image

Mar
2

ජැක් අවදිවෙයි. ලොවම සිහින මැවූ ටයිටැනික් 2 චිත්‍රපටය මෙන්න.

4483 Views


ජැක් අවදිවෙයි. ලොවම සිහින මැවූ ටයිටැනික් 2 චිත්‍රපටය මෙන්න.

“ටයිටැනික්” ලොවක් අාදරය කල, ලෝකයම වැලඳගත් ප්‍රේම වෘතාන්තයක්. සැබෑ කාතන්දරයක් පාදක කර ගනිමින් නිර්මාණය කෙරුණ ටයිටැනික් චිත්‍රපටිය තාමත් ලෝකය පුරාම ඉහළම ජනප්‍රියත්වයක් තියෙන චිත්‍රපටියක්.

ටයිටැනික් චිත්‍රපටිය අවසානයේ හැමෝගෙම දෑසට කඳුලක් එක් කරමින් ජැක් ගැඹුරු මුහුදේ අයිස් අතර සැඟවිලා යනවා. “අනේ අායෙ ජැක්ට පණ එනවා නම්” චිත්‍රපටිය බලපු හැමෝටම හිතුවේ එහෙම. එ් හැමෝගෙම ප්‍රාර්ථනාව සැබෑවක් කරමින් ජැක්ට පණ එනවා. එ් “ටයිටැනික් 2” චිත්‍රපටියෙන්.

ලෝකය පුරා ලක්ෂ සංඛ්‍යාත රසිකයන්ගේ බලාපොරොත්තු මල්පල ගන්වමින් ටයිටැනික් 2 ලබන වසරේදී තිරගත වෙනවා. වසර ගණනාවක් මහ මුහුද යට අයිස් කුට්ටියක සිරවී හිටිය ජැක්ගේ සිරුර විද්‍යාඥයින් ගොඩ ගන්නවා. නැවතත් පණ ලබන ජැක් රෝස්ව සොයා යන ත්‍රාසජනක ගමනක් තමයි ටයිටැනික් 2 චිත්‍රපටියෙන් දිග හැරෙන්නේ. නුපුරුදු යුගයක නුපුරුදු මිනිසුන් අතරේ ජැක්ට රෝස්ව හොයා ගන්න පුළුවන් වෙයිද?

එ් ගැන දැන ගන්න නම් තවත් ටික කාලයක් බලා ගෙන ඉන්න වෙනවා. මේ තියෙන්නේ ටයිටැනික් 2 චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටය.

ගොඩක් අය හිතුවේ අැත්තටම මේ ට්‍රේලර් එක ටයිටැනික් 2 චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටයක් කියලා. හැබැයි අැත්තටම මේක චිත්‍රපටි කිහිපයක කොටස් එකතු කරලා හදපු “Fan Movie Trailer” එකක්.

අැත්තටම ටයිටැනික් 2 චිත්‍රපටියක් හැදුවොත් මේ වගේ වෙන්න පුළුවන් කියලා උපකල්පනයක් තමයි මේ තියෙන්නේ. Titanic, MacGruber, Austin Powers, Spider-Man 2, The Aviator අැතුළු චිත්‍රපටි 25 ක කොටස් මේ ට්‍රේලර් එක හදන්න භාවිතා කරලා තියෙනවා.

කොහොම වුනත් ටයිටැනික් චිත්‍රපටියේ 2 වෙනි කොටසක් නම් නිර්මාණය කරන එකක් නෑ. එ් වුනත් ඔබට මේ ට්‍රේලර් එක බලලා ටයිටැනික් 2 අාවොත් මොනවගේ වෙයිද කියලා ඔබට දළ අදහසක් ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post