තවත් දවස් කිහිපයකින් රුසියාවේ ජනාධිපතිවරණය පැවැත් වෙනවා. රුසියාවේ අසහාය නායකයා විදියට සැලකෙන ව්ලැදිමීර් පූතින් 4 වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔහු පහුගිය දවසක ජාතිය අමතා කතා කරා. අපේ රටේ වගේ පොරොන්දු මල්ලක් නම් ඔහු දුන්නේ නෑ.
රැසියාවේ මේ දක්වා ලබාගෙන තියෙන න්‍යෂ්ඨික දියුණුව ගැන තමයි පුටින් කතා කරේ. ලෝකයේ ඕනෑම තැනක තියෙන ඉලක්කයකට පහර දෙන්න පුළුවන් න්‍යෂ්ටික මිසයිල රුසියාවේ තියෙනවා කියලා ඔහු කිව්වා. එ් වගේම එ් මිසයිල කිසිම මිසයිල නාශක පද්ධතියකට හුස වෙන්නේ නෑ කියලත් පුටින් කිව්වා.
සබ්මැරීනවල ඉදන් න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ද්‍රෝන යානා අත්හදා බලමින් ඉන්නවා කියලාත් සදහන් කරා. රුසියාවට වඩා බලගතු අායුධ නිපදවන්න කලින් අැමරිකාවේ මිලිටරි වැඩසටහනට ප්‍රතිචාර දක්වන්න ඕන කියලත් පුටින් ජාතිය අමතා කිව්වා. රුසියාවේ තියෙන කෘස් මිසයිල නවත්තන්න යුරෝපයේ හෝ අාසියාවේ කිසිම මිසයිල නාශක පද්ධතියකට හැකියාවක් නැහැ.
මාර්තු 10 තියෙන රුසියාවේ ජනාධිපතිවරණයට පුටින්ට තරඟයක් දෙන්න කිසිම ප්‍රභල තරඟ කරුවෙක් නෑ. එ් නිසා 4 වන වරටත් රුසියාවේ ජනාධිපති වෙන්න පුටින්ට පුළුවන් වෙයි කියලයි දේශපාලන විචාරකයින් කියන්නේ.