News Line| Off Air
Generic placeholder image

Mar
3

සංගා පාකිස්ථානයේ ක්‍රිකට් ගහන්න කැමති වෙයි.

959 Views


සංගා පාකිස්ථානයේ ක්‍රිකට් ගහන්න කැමති වෙයි.

ඩොනල් බ්‍රැඩ්මන්ට සම කරන්න පුළුවන් ලෝකයේ එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් වලින් ඔහු විශ්‍රාම ගත්තත් තාමත් පළමුපෙළ ක්‍රිකට් වලට සංගා ක්‍රීඩා කරනවා.

මේ දවස්වල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියටත් සංගා ක්‍රීඩා කරනවා. ඔහු නියෝජනය කරන්නේ අලුතින්ම එකතු වුණ මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමට. තරඟාවලියේ සුපිරි දස්කම් දක්වපු සංගා වැඩිම ලකුණු ලාභියා විදියට ඉදිරියෙන්ම ඉන්නවා.

මේ තරඟාවලියේ අවසන් තරඟ පැවැත්වෙන්නේ පාකිස්තානයේ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම සිදුවීම වුණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමට ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය සිදු වුණේ පාකිස්තානයේදී. එ්දා ප්‍රහාරයට ලක්වුණ කණ්ඩායමේ කුමාර් සංගක්කාරත් හිටියා. ගියවර පාකිස්තානු සුපර්ලීග් තරඟාවලියේ පාකිස්තානයේ තිබ්බ තරඟ වලට සංගා ගියේ නෑ. නමුත් මෙවර පාකිස්තානයට යන්න සංගා එකඟ වෙලා තියෙනවා.

සංගක්කාරට අමතරව ඩැරන් බ්‍රාවෝ, තිසර පෙරේරා, ඉම්රාන් තහීර්, රොස් වයිටලේ සහ කිරන් පොලාඩ් යන විදේශික.ක්‍රීඩකයින් පාකිස්තානයට යන්න කැමති වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post