News Line| Off Air
Generic placeholder image

Mar
4

ටබ් එක පිරෙන්න වතුර තිබුණට පොළවට වතුර බිංදුවක්වත් වැටිලා නැහැ. ශ්‍රී දේවිගේ මරණය ගැන සැකය හරි. සිදුවූ සියල්ල බොනී කපූර් වමාරයි. – Exclusive

4426 Views


ටබ් එක පිරෙන්න වතුර තිබුණට පොළවට වතුර බිංදුවක්වත් වැටිලා නැහැ. ශ්‍රී දේවිගේ මරණය ගැන සැකය හරි. සිදුවූ සියල්ල බොනී කපූර් වමාරයි. – Exclusive

හරියටම මීට සතියකට කලින් සුරූපී බොලිවුඩ් නිළි ශ්‍රී දේවි ලෝකයම හඩවා යන්න ගියා. ඒ තමන්ගේ මරණය ගැන ප්‍රශ්ණ රැසක්ම ලෝකය හමුවේ තියලා.

මරණ පරීක්ෂණ වාර්තාවේ තිබුණේ බාත් ටබ් එකේ ගිලීමෙන් ශ්‍රී දේවි මිය ගියා කියලයි. ඒ වගේම මිය යනකොට ඇයගේ සිරුරේ ඇල්කොහොල් අඩංගුවෙලා තියෙනවා. කොහොම වුණත් මේ මරණ පරීක්ෂණ වාර්තාව බොහෝ දෙනෙක් පිළිගත්තේ නෑ. ශ්‍රී දේවි සැර මත්පැන් ගන්නේ නෑ කියලයි ඇය ගැන හොදින්ම දන්න අය කිවුවේ. ඒ වගේම මේ මරණය මුලින්ම දැකපු ශ්‍රී දේවිගේ සැමියා බොනී ගැනත් තව සමහරු සැක කළා.

හැබැයි ඒ සියල්ලටම දැන් බොනී කපූර් උත්තර දී හමාරයි. අවුරුදු 30ක් තිස්සේ ආශ්‍රය කරපු විශ්වාසවන්තම යහලුවෙක්ට බොනී එදා සිදුවුණු දේ කියලා. මේ තියෙන්නේ බොනී ශ්‍රී දේවිගේ මරණය ගැන යහලුවට විතරක්ම කියපු කතාව.

“අපි වෙඩිං එකට ඩුබායි ගියේ පෙබරවාරි 20. හැබැයි වෙඩිං එකෙන් පස්සෙ මම 22 ලක්නව් වලට ආවා. හදිසි මීටිං එකකට. මේ අවුරුදු 24 ටම මම නැතුව ශ්‍රී දේවි තනියම පිටරටක නැවතුණේ එදා. මීට කලින් මම නැතුව ඇය පිටරට ගියේ දෙපාරයි. ෆිල්ම්ස් වල වැඩ වලට. හැබැයි මම නොගියට ඒ ගමන් දෙකේම ශ්‍රී දේවි එක්ක මගේ හොදම යහලුවගේ වයිෆ් ගියා.

එදා 24 උදේ මම ඇයට කතා කළා. මට ගොඩාක් පාලුයි කියලා ඇය කිවුවා. හැබැයි අද හවස මම ආයෙත් ඩුබායි එනවා කියලා ශ්‍රී ට මම කිවුවේ නෑ. ඇයව පුදුම කරවන්න ඕන නිසා.

මම 3.30ට ෆ්ලයිට් එක ගත්තා. 6.20 වෙද්දි ඩුබායි වල ශ්‍රී දේවි හිටපු හෝටලයට ගියා.
ඇය මාව දැක්කම පුදුම වුණා. මාව සිප වැලද ගත්තා. අපි මිනිත්තු 15 – 20ක් වගේ කතා කර කර හිටියා.
ඊට පස්සේ රෑ කෑමකට මම එයාව එලියට එක්කගෙන යන්නයි plan කරගෙන හිටියේ. එයා නාලා එන්නම් කියලා බාත් රූම් එකට ගියා. මම විසිත්ත කාමරයට ගියා. විනාඩි 15ක් විතර යනකොටත් ඇය එළියට ආවේ නෑ.

මම ටීවී එකේ සද්දෙ අඩු කරලා ආයෙත් කතා කළා. ටැප් එකකින් වතුර වැටෙන සද්දෙ ආවත් ඇය කතා කරේ නෑ.

එතකොට වෙලාව රෑ 8යි. තව පරක්කු වුණොත් රෑ කෑමට යන්න බැරි වෙන නිසා මම බාත් රූම් එකේ දොර ඇරියා. ඒක ඇතුලෙන් ලොක් කරලා නෙවෙයි තිබුණේ.

මම දැක්කා ශ්‍රී දේවි බාත් ටබ් එක ඇතුලේ ඉන්නවා. ඒකේ කට ලගටම වතුර පිරිලා. එයාගේ ඔලුවේ ඉදලා කකුල් වෙනකං ඇගම වතුරෙන් යට. එයා දැගලුවෙත් නෑ. ටබ් එක පිරෙන්න වතිර තිබුණට බාත් රූම් එකේ බිම ටයිල් වලට වතුර බිංදුවක් වත් වැටිලා තිබුණෙත් නෑ.”


News Articles
Latest Videos
Most Popular Post