මාක් සකර්බර්ග් පහුගිය ඔක්තෝම්බර් මාසයේ ඉදන් ලංකාව අැතුළු රට වලට පොඩි කෙනෙහිලිකමක් කරා. එ් තමයි Facebook එකට දාපු Explore Feed එක. මේ වැඩෙන් Page Admin ලට වැලේ වැල් නැති වුණා. Facebook page වලින් දාන පොස්ට් මේ නිසා වෙනදා වගේ News Feed එකේ පෙනුනේ නැහැ. ඒවා බලන්න වෙනම දාපු Explore Feed එකට යන්න ඕනේ.
කොහොම වුනත් සාමාන්‍ය අයත් මේ වැඩේට එච්චර කැමති වුණේ නෑ. මේ අත්හදා බැලීම ගැන Facebook එක සමීක්ෂණයක් කරා. සමීක්ෂණ වාර්තා වලින් හෙළිවුනේ වැඩි දෙනෙක් Explore Feed එකට කැමති නෑ කියලයි.
එ් නිසා Facebook එකෙන් Explore Feed එක ඉවත් කරන්න සකර්බර්ග් තීරණය කරලා තියෙනවා. ළඟදිම දවසක අලුත් Update එක එ්වි. දැන් ඉතිං අායෙත් Page Admin ලගෙ නම් කල්ල මරේ.