News Line| Off Air
Generic placeholder image

Mar
5

අවුරුදු 20 කට කලින් පළමු නිදහස් සටනේදී ඉන්දියාව අපේ නිදහස උදුරා ගත්ත හැටි. – Exclusive

804 Views


අවුරුදු 20 කට කලින් පළමු නිදහස් සටනේදී ඉන්දියාව අපේ නිදහස උදුරා ගත්ත හැටි. – Exclusive

නිදහස් කුසලානය දිනා ගන්න ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශය හෙට ඉදන් සටන් වදිනවා. ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් උත්සවය වෙනුවෙන් තමයි “නිදහස් කුසලානය” පැවැත් වෙන්නේ. මීට අවුරුදු 20 කට කලිනුත් ලංකාවේ නිදහස් කුසලානයක් පැවැත් වුණා. එ් ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් උත්සවය වෙනුවෙන්. දෙවෙනි නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලියට දවසක් තියෙද්දී පළවෙනි නිදහස් කුසලාන තරඟාවලියේ ඉතිහාසය හාරා අවුස්සන්න අපි හිතුවා.

1998 දී තමයි පළවෙනි නිදහස් කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය සංවිධානය කරන්නේ. තුන්කොන් තරඟාවලියක් වුන මේ සටනට එක් වුනේ ශ්‍රී ලංකාව එක්ක ඉන්දියාව සහ නවසීලන්තයයි. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නේ අරජුන රණතුංග. 96 ලෝක කුසලානය දිනපු කණ්ඩායමේ බහුතරයක් ක්‍රීඩකයෝ මේ තරඟාවලියත් ක්‍රීඩා කරා. අරවින්ද, කලූ, සනත්, මාවන්, මුරලි වගේම මහේල සහ සංගාත් පළවෙනි නිදහස් කුසලාන තරඟාවලියට ක්‍රීඩා කරා.

ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන්නේ මොහොමඩ් අසරුදීන්. ගංගුලි, හර්බජං සිං, අනිල් කුම්බ්ලේ, සචින් ඉන්දීයාව නියෝජනය කර ප්‍රභලයින්. ස්ටෙපන් ෆ්ලෙමින් නවසීලන්ත කණ්ඩායම මෙහෙය වුවා. බ්‍රයන් යං, ක්‍රිස් හැරිස්, අැඩම්, ඩැනියල් විටෝරි, මාර්ක් ප්‍රිඑස්ට් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරා.

තුන්කොන් සටනේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව. තරඟය පැවැත් වුණේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනුව ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නා. සුපිරි සබදතාවත් ගොඩනැගුව සචින් සහ ගංගුලි පළවෙනි කඩුල්ල සදහා හොදම සබදතාවට හිමි වාර්තාව අලුත් කරා. ඔවුන් පළවෙනි කඩුල්ලට ලකුණු 252 ක් රැස් කරා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල සචින් ලකුණු 128 යි. ගංගුලි ලකුණු 109 යි. ජයසූරිය කඩුලු 2 ක් දවා ගත්තා.

කඩුලු 6 ක් දැවී ඉන්දියාව ලකුණු 307 ක් රැස් කරා. දැවැන්ත ඉනිමක් හඹාගිය ශ්‍රී ලංකාව ලකුණු 301 දී ඉනිම අවසාන් වුණා. එ් තවත් පන්දු 3 ක් ඉතිරි වෙලා තියෙද්දී. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල අරවින්ද ද සිල්වා ලකුණු 105 යි. මහානාම ලකුණු 44 යි. මාවන් ලකුණු 39 යි. අගාකාර් කඩුලු 4 ක් දවා ගත්තා. තරඟයේ වීරයා වුනේ සචින් ටෙන්ඩුල්කාර්. තරඟාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වපු අරවින්ද තරඟාවලියේ වීරයා වුණා.

වසර විස්සකට පෙර නැතිවුණ ඉන්දියාව උදුරා ගත්ත ලංකාවේ නිදහස මේ සැරේ ලංකාවට ලබා ගන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු.

https://youtu.be/Ybaojx3o7g0


News Articles
Latest Videos
Most Popular Post