News Line| Off Air
Generic placeholder image

Mar
6

සනත්ව Out කරගන්න හැටි කලූ පන්දු යවන්නට කියලා දීලා. වසර 30කට පෙර පිටිය මැද සිදුවූ දේවල් ගැන සනත් හෙළි කරයි.

7365 Views


සනත්ව Out කරගන්න හැටි කලූ පන්දු යවන්නට කියලා දීලා. වසර 30කට පෙර පිටිය මැද සිදුවූ දේවල් ගැන සනත් හෙළි කරයි.

සනත් සහ කලූ කියන්නේ ලෝක ක්‍රිකට් රිද්මය වෙනස් කරපු ක්‍රීඩකයින් දෙදෙනෙක්. එ් දවස්වල සනත් කලූ සුසංයෝගයට ගහන්න කිසිම ක්‍රීඩකයින් යුවලක් හිටියේ නෑ. අාරම්භක පිතිකරුවන් විදියට පිටියට එන සනත් – කලූ පිටිය පුරා ගිනිකෙළි සංදර්ශන මැව්වා.

සනත් කලූ දෙන්නාගේ අවුරුදු 30 ක් පරණ රහසක් සනත් ඊයේ හෙළා කරා. වයස අවුරුදු 19 න් පහළ තරඟාවලියකදී තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. “මම බැට් කරන්න හිටියේ. කලූ හිටියේ අනිත් පිළේ. මම මාතර ඉදලා ක්‍රිකට් ගහන්න අාවේ. එ් දවස්වල අපි එච්චර අදුරන්නේ නෑ. මම බැට් කරන්න හදනකොට කලූ අනිත් පිළේ පන්දු යවන්නට කියනවා මචං මූ මාතර. ගුග්ලි දන්නෙ නෑ. එ් නිසා ගුග්ලියක් දාපන්. මූව දා ගන්න පුළුවන්.” කියලා.

කලුවිතාරණ එ් දවස්වල සනත්ව දවා ගන්න හැටි පන්දු යවන්නන්ට කියලා දුන්නට ජාතික කණ්ඩායමේ සනත්ගේ හොදම සඟයා වුනේ කලූ. පස්සෙ කාලෙක සනත්ට ලකුණු ලබා ගන්න උදව් කරපු හැටි කලූ කිව්පෙ මෙහෙයි. “සන්තට ලකුණු ලබා ගන්න ඕන නිසා මම එක දාලා එයාට දෙනවා. එක මැච් එකක මම අවුට් වෙද්දි කණ්ඩායමේ ලකුණු 72 යි. සනත් ලකුණු 72 යි. මම බිංදුවට අවුට් වෙලා අාවා.” කියලයි කලූ කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post