News Line| Off Air
Generic placeholder image

Mar
6

නිදහස් කුසලානයේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට දෙවෙනි වෙනවද? – විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

1245 Views


නිදහස් කුසලානයේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට දෙවෙනි වෙනවද? – විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය අද අාරම්භ වෙනවා. එ් අාර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟාවලිය අාරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළවෙනි තරඟය අද පැවැත් වෙනවා. ඊට කලින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් සටන් ඉතිහාසය අපි හොයලා බැලුවා.

1998 දී පළවෙනි නිදහස් කුසලානයේදී මුලින්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුන්කොන් සටනකින් හමු වෙනවා. ශ්‍රී ලංකාවට අර්ජුන රණතුංගත්, ඉන්දියාවට මොහොමඩ් අසුර්දීනුත්, නවසීලන්තයට ස්ටෙෆන් ෆ්ලෙමිවුත් නායකත්වය දෙනවා. අවසන් තරඟයට සුදුසුකම් ලබන්නේ ලංකාව සහ ඉන්දියාව. ලකුණු 6 ක තියුණු ජයක් අවසානයේදී ඉන්දියාවට හිමි වෙනවා. තරඟාවලියේ වීරයා අරවින්ද ද සිල්වා.

2009 දී එම රටවල් තුනම අායෙත් තුන්කොන් සටනකින් හමු වෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන තරඟය පැවැත් වෙනවා. එ් තරඟාවලියත් ජය ගන්නේ ඉන්දියාව. තරඟාවලියේ වීරයා සචින් ටෙන්ඩුල්කාර්.

2009 අවසානයේදී තවත් තුන්කොන් සටනක් පැවැත් වෙනවා. එ් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශය අතර. ඉන්දියාවට මහේන්ද්‍ර සිං දෝනිත්, ලංකාවට කුමාර් සංගක්කාරත්, බංගලාදේශයට සකීබ් අල් හසන් නායකත්වය දෙනවා. අවසන් තරඟයේදී ඉන්දියාව පරදා ජය ගන්න ශ්‍රී ලංකාවට පුළුවන් වුණා. තරඟාවලියේ වීරයා කුමාර් සංගක්කාර.

2010 දී ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය නැවතත් මුණ ගැහෙනවා. එ් තරඟාවලියත් ජය ගන්නේ ශ්‍රී ලංකාව. තරඟාවලියේ වීරයා විරේන්ද්‍ර ශෙවාග්. 2011 අවසානයේදී ඕස්ට්‍රේලියාව එක්ක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සටන් වදිනවා. මයිකල් ක්ලාක්, මහේන්ද්‍ර සිං දෝණි සහ කුමාර් සංගක්කාර කණ්ඩායම් තුනට නායකත්වය ලබා දුන්නා. අවසන් තරඟයට ඕස්ට්‍රේලියාව එක්ක සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාව. හැපැයි ඕස්ට්‍රේලියාව තරඟාවලයි ජය ගන්නවා. තිලකරත්න ඩිල්ෂාන් තරඟාවලියේ වීරයා ලෙස නම් කරනවා.

2013 දී තවත් තුන්කොන් සටනකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහභාගී වෙනවා. එ් බටහිර ඉන්දෘය කොදෙව් කණඩායම එක්ක. බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජොන්සන් චාර්ල්ස්, ඉන්දියාවට මහේන්ද්‍ර සිං දෝනිත් ලංකාව අැන්ජලෝ මැතිව්ස් ලංකාවටත් නායකත්නය දුන්නා. අවසන් සටන පැවැත් වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර. ඉන්දියාවට තරඟාවලිය ජය ගන්න පුළුවන් වුණා. බුවනේශ්වර් කුමාර් තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා.

ඔය විදියට තමයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් සටන් ඉතිහාසය දිග හැරෙන්නේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කරට කර සටනක් තුන්කොන් තරඟාවලි වලදී ලබා දීලා තියෙනවා. එ් නිසා මේ තරඟාවලියේ තීරණයක් ගැන කියන්න දැන්ම වෙලා වැඩී.


News Articles
Latest Videos
Most Popular Post