පොඩි ළමයගේ ඉඳන්, ලොකු වෙනකනම් බොහෝ දෙනෙක් කරන්න කැමති දෙයක් තමයි Video Games කියන්නේ. මේ වෙද්දී Computer එකක්, Laptop එකක් නැතත්, ඔබේ Mobile එකෙන් ඔබට කැමති ඕනෑම විදිහක Video Games කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම සමහරු මේ Video Games වලට ඇබ්බැහි වෙලා ඒ ලෝකවලම ජිවත් වෙන අවස්ථාත් අපට දකින්න පුළුවන්.
කොහොම වුනත් බිහිසුණු Video Games තහනම් කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවෙලා තියෙනවා. පහුගිය දවසක ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස 19 ක තරුණයෙකු කරපු වෙඩි තැබීමක් නිසා, 17 දෙනෙකු මියයාමේ සිද්ධියෙන් පස්සේ තමයි මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුවෙලා තියෙන්නේ.
මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදන සමාගම් එක්ක විශේෂ සාකච්ඡාවක් පවත්වලා තියෙනවා.