අද දවස මෑත කාලයේදී ඔබට හමුවන වඩාත් සුභ දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
783 Views
අද 2018 මාර්තු මස 09 වන සිකුරාදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.50 සිට දහවල් 12.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.51 සිට අලුයම 12.20 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: ගිනිකොණ
මේෂ ලග්නය

වෘත්තිමය වෙනස් වීම් සිදුවීමටා දිනයකි. බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. අනපේක්ෂිත ලෙස සමාජ ගෞරවයට පාත්‍ර වීමට දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වර්ධනයක් ඇතිවන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05
වෘෂභ ලග්නය

ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු පිළිබඳව වෙනදට වඩා උනන්දුවක් දක්වන දිනයකි. වාහන ධාවනයේදී ප්‍රවේසම් විය යුතු දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 07
මිථුන ලග්නය

වෙනදට වඩා කාර්යබහුල වන දිනයකි. ලේඛන කටයුතු වලටද ඔබට වඩාත් සුභ දිනයකි. මිතුරන් සමඟ අලුත් දේවල් ආරම්භ කළහැකි දිනයකි. බොහෝ කටයුතු ඉතාම පහසුවෙන් කරගෙන යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
කටක ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද ඔබට වඩාත් සුභ දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 06
සිංහ ලග්නය

කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි. සංචාරක කර්මාන්තයේ නියලෙන්නන්ටද වඩාත් සුභ දිනයකි. ඉවසිලිවන්තව හා කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යා යුතු දිනයකි. මානව සම්පත් කලමානකරණය ආශ්‍රිත වැඩ කටයුතු වලද වඩාත් යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 01
කන්‍යා ලග්නය

හවුල් ව්‍යාපාර වලට සුභ දිනයකි. ඔබේ විවාහ ප්‍රමාදවීම් හා ප්‍රේම සම්බන්ධතා වලට තිබු බාධා දුරුවන දිනයකි. ජයග්‍රහණ රැසක් හිමිවන දිනයකි. සතුරන් මර්ධනය කරගෙන යහපත් අයුරින් දවස ගත කිරීමේ වාසනාව ඇත. නමුත් කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය ජය අංකය: 05
තුලා ලග්නය

බොහෝ කටයුතු වලදි ජයග්‍රහණ වෙනුවට සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. කලා කටයුතු වලට යොමුවීමට සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ප්‍රවේසම් වීම වැදගත්. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 04
වෘශ්චික ලග්නය

කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. මතභේද වලින් තොරව දිනය ගත කරන්න. කෝපය පාලනය කරගත යුතු දිනයකි. සෙම් රෝග තිබෙනවානම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 08
ධනු ලග්නය

කලා කටයුතු වලින් වඩාත් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි දිනයකි. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. කාර්යබහුල විය හැකි දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කරන්න. නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දීප්තිමත් රන්වන් පැහැය ජය අංකය: 05
මකර ලග්නය

අන් අය ඔබෙන් බොහෝ උදව් පතා එන දිනයකි. අන් අය අතර ඔබට ගෞරවයක් ලැබෙන දිනයකි. ඔබේ පෞරුෂය අන් අය අතර බෙහෙවින් කැපී පෙනෙන දිනයකි. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 08
කුම්භ ලග්නය

ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන සුභ දිනයකි. ඔබේ ආදායම් තත්වය වර්ධනය වන සුභ දිනයකි. ඔබ කරන කියන දේවල් වලට අන් අයගේ වැඩි ආකර්ෂණය වන සුභ දිනයකි. අන් අය ඔබේ උදව් බලාපොරොත්තුවෙන් ඔබව සොයාගෙන එන දිනයකි. නව අදහස් පහල වන සුභ දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 07
මීන ලග්නය

මෑත කාලයේදී ඔබට හමුවන වඩාත් සුභ දිනයකි. සෑම අතින්ම ඔබට සාර්ථකත්වයක් ලබාගත හැකි දිනයකි. ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි. සමාජය තුල මෙන්ම තම පවුල තුල ඔබේ ස්ථාවරය පතුරුවාලිය හැකි සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 09
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 67 65 353