මේ ලෝකයේ තියෙන වටිනාම දේ තමයි මව්කිරි. දරුවන්ට තියෙන අසීමිත අාදරය නිසා ලේ කිරි බවට හරවලා තිමයි මව්කිරි දරුවන්ට ලබා දෙන්නේ. ලෝකයේ තියෙන පෝෂණ ගුණය වැඩිම පානයත් මව් කිරි.
මව් කිරි පැකට් කරලා විකුණන කාන්තාවක් ගැන විදෙස් වෙබ් අඩවි වාර්තා කරනවා. Rafaele Lamprou නම් කාන්තාව තමයි මේ වැඩේ කරන්නේ. අැය ජීවත් වෙන්නේ සයිප්‍රසයේ.
දරුවාට ලබා දෙන ප්‍රමාණය ඉක්මවා මවි කිරි ලැබෙනා නිසයි අැය මේ විදියට මව් කිරි පැකට් කරලා විකුණන්නේ. අධික පෝෂණයන් මව්කිරිවල තියෙන නිසා කායවර්ධන ශිල්පීන්ගෙන් ලොකු ඉල්ලුමක් මේ කාන්තාවගේ මව් කිරි වලට තියෙනවා.
මව් කිරි අවුන්සයක් යරෝ එකකට තමයි අැය අලෙවි කරන්නේ. දැනටමත් මව්කිරි ලීටර් 500 ක් විකුණලා තියෙනවා. එ්වගේන් යූරෝ 5000 කට අධික මුදලක් අැය උපයාගෙන තියෙනවා.