මේ දවස්වල ස්විස්ටර්ලන්තයේ, ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. මේ ප්‍රදර්ශනයේදී රියදුරෙකු නැතිව ධාවනය වන මෝටර් රථයක් හඳුන්වා දීමට රෙනාල්ට් සමාගම කටයුතු කර තිබෙනවා.
ජංගම දුරකථනයට දාලා තියෙන ඇප් එකක් හරහා මේ රථයට විධාන දෙන්න පුළුවන්. නතර කළ යුතු ස්ථානය ආදි විධාන මෙම මෝටර් රථයට ලබා දෙන්න පුළුවන් කියලයි රථය නිර්මාණය කළ ජර්මානු සමාගම කියන්නේ.
EZ-GO ලෙස තමයි මේ මෝටර් රථය නම් කරලා තියෙන්නේ. මේ රථය විද්‍යුතයෙන් බලගැන්වෙන අතර පුද්ගලික ප්‍රවාහන කටයුතු වලට වගේම පොදු ප්‍රවාහන කටයුතු වලටත් යොදා ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරලයි තියෙන්නේ. මේ රථය තුළ මගීන් 6 දෙනෙකුට ඉතා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්.
මීටර් 5.2 ක දිගකින්, මීටර් 2.2 ක පළලකින් සහ මීටර් 1.6 ක උසක් සහිතව නිර්මාණය කර ඇති මෙම රථය කිලෝග්‍රෑම් 1700 ක් වනවා.
මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 50 ක් හෙවත් පැයට සැතපුම් 30 ක් වන බවයි නිෂ්පාදකයින් කියන්නේ. මෙම රථය 2022 වසර වෙනකොට වෙළඳපොළට නිකුත් කරන්න නිෂ්පාදකයෝ බලාපොරත්තු වෙනවා.