ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන දක්ෂම වේග පන්දු යවන්නෙක්. ඒ බව ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. එත් පහුගිය කාලයේම ක්‍රිකට් බලධාරීන්ගෙන් ඔහුට දිගින් දිගටම කැපිලි ආවා. අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේ සුපිරි දස්කම් දක්වමින් හිටියත් මලින්ගාව නිදහස් කුසලානයට තෝරා ගත්තේ නෑ.
හැබැයි ඊයේ අවසන් වුන අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙන්න ලසිත් මාලිංග සමත් වුනා. මාලිංග තරග අටකට ක්‍රීඩා කරමින් කඩුලු කඩුලු 17 ක් දවා ගන්න සමත් වුනා. ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය සටහන් වුණේ 11.35 ක් විදියට. පන්දුවාරයකට දළ ලකුණු 6.61 විදියට සයහන් වුණා.
මාලිංග තවත් පෙන්නන්න ඕන දස්කම් මොනවද ල=කියන එක නම් ප්‍රශ්නයක්. දැන්වත් රටේ ක්‍රිකට් බලධාරීන්ගේ ඇස ඇරේවි කියලයි ක්‍රිකට් ලෝලීන් කියන්නේ.