නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ඊයේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. ඒ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතරයි.
එම තරගය පන්දු දෙකක් ඉතිරිව තිබියදී කඩුලු 5කින් ජය ගන්න බංගලාදේශය සමත් වුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිළ පන්දු යවද්දී වෙනදාට වඩා වේලාවක් පිටියේ පන්දු රකින්නන් ස්ථාන ගත කරන්න සහ තරඟය සැලසුම් කරන්න බොහෝ කාලයක් ගන්නවා පෙනුනා. ඒ අනූව ICC ය තීරණය කළේ ඊයේ ශ්‍රී ලංකාව නියමිත පන්දු යැවීමේ කාලය ඉක්මවා ක්‍රීඩා කළ බවයි.
එම වරද සම්බන්ධයෙන් නායක දිනේශ් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පනවන්න ICC ය අද තීරණය කළා. ඒ අනූව නිදහස් කුසලානයේ ඉදිරි තරග දෙක චන්දිමාල්ට අහිමුවනු ඇතී.