නිදහස් කුසලාන තරඟාවලියේ තරඟ වලින් හරි අඩක් මේ වෙද්දී අවසන්. සෑම කණ්ඩායමක්ම තරඟ දෙකකට මුහුණ දීලා එක තරඟය බැගින් දිනලා තියෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවෙනි තරඟය අද හවස පැවැත් වෙනවා. ඊට කලින් මේ වෙද්දී ප්‍රසාද ලකුණු සටහන ගැන හැරිලා බලන්න අපි සිතුවා.
සෑම කණ්ඩායමක්ම එක තරඟයක් ජයග්‍රහණය කරද්දී එක තරඟයක් වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රාසාද ලකුණු 2 බැගින් ලබා ගෙන තියෙනවා. නමුත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පළවෙනි තනන් ලබා ගෙන තියෙනවා.
ලංකාවේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය 0.297 ක්. ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි තැන ලබාගෙන තියෙනේ ඉන්දියාව. ඔවුන්ගේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය -0.035 ක්. දළ ලකුණු ලබා ගැනීමේ වේගය -0.231 ලබා ගෙන බංගලාදේශය අවසන් ස්ථානයේ රැඳී ඉන්නවා.
මේ වෙද්දී තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ශිකර් ධවාන්. ඔහු තරඟ දෙකකදී ලකුණු 145 ක් ලබා ගෙන තියෙනවා. දෙවෙනි ඉස්තනයේ ඉන්නේ ලකුණු 140 ක් ලබා ගෙන කුසල් ජනිත්. බංගලාදේශයේ මුෂ්ෆිකර් රහීම් තුවෙනි ස්ථානයේ රැඳී ඉන්නවා. ඔහු ලබාගෙන තියෙන ලකුණු ගණන 09 ක්.
තරඟාවලියේ වැඩිම කඩුලු ලාභින් අතර ඉහළින්ම ඉන්නෙත් ජාදෙව් උනාඩ්කට්. ඔහු කඩුලු 4 ක් දවා ගෙන තියෙනවා. මුස්ටෆිසූර් රහමන් කදුළු 4 ක් දවාගෙන දෙවෙනි තැන ලබා ගෙන තියෙනවා. චහල් කඩුලු 3 ක් දවාගෙන තුන්වන ස්ථානයේත් නුවන් ප්‍රදීප් කඩුලු 3 ක් දවා ගෙන 4 වන ස්ථානයේත් රැඳී සිටිනවා.