News Line| Off Air
Generic placeholder image

Mar
13

ශ්‍රී ලංකාවේ Facebook තහනම ගැන Facebook ආයතනය පළවෙනි වරට කතා කරයි.

4417 Views


ශ්‍රී ලංකාවේ Facebook තහනම ගැන Facebook ආයතනය පළවෙනි වරට කතා කරයි.

මිට දවස් කිහිපයකට කලින් පනවපු Facebook තහනම තම ඉවත් කරලා නෑ. ඒ වගේම Whatsapp, Viber වැනි සමජා මාධ්‍ය කිහිපයක්ම තාමත් තහනම් කරලා තියෙන්නේ. ලංකාවේ Facebook තහනම ගැන ව ආයතනය පලවෙනි වරට කතා කරා.

වෛරී සහ‍ ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරිමට කටයුතු කරමින් ඉන්නවා කියලයි Facebook ආයතනය කිව්වේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන එක්ක කතා කරමින් ඉන්නවා කියලා ඔවුන් ප්‍රකාශ කරා. Facebook ආයතනයේ තාක්ෂණික නිලධාරීන් මේ බව සී.එන්.බී.සී ප‍්‍රවෘත්ති ආයතනය වෙත විද්යුත් පණිවිඩයක් මගින් දැනුම් දීලා තිබ්බා.

වෛරී සහ‍ ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි නීති Facebook ආයතනය සතුව තියෙනවා කියලා ඔවුන් වැඩි දුරටත් සඳහන් කරලා තිබ්බා. ඉක්මනින්ම ඒවා ඉවත් කරන්න කටයුතු කරනවා කියලා Facebook ආයතනය දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post