News Line| Off Air
Generic placeholder image

Mar
13

රටම හොල්ලන පානදුර සුමංගලයන්ගේ Roar Parade 2K18 හෙට. – Exclusive

10857 Views


රටම හොල්ලන පානදුර සුමංගලයන්ගේ Roar Parade 2K18 හෙට. – Exclusive

පානදුර ශ‍්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටුව මහා විද්‍යාලය අතර පැවැත්වෙන 66 වන රන් සටන මහා ක‍්‍රිකට් සංග්‍රාමය ලබන 16 වෙනිදා ආරම්භ වෙනවා. රන් මහා සටනට පෙර ගමන් යන්න Roar Parade 2K18 පානදුර ශ‍්‍රී සුමංගල විද්‍යාලයේ රථ වාහන පෙළපාලිය හෙට පැවැත් වෙනවා.

Roar Parade 2K18 කියන්නේ ලංකාවේ පාසල් Parade අතර දැවැන්තම Parade එකක්. නවීන පන්නයේ සුපිරි මෝටර් රථ වගේම පැරණි මොට රථත් සිය ගණනක් Roar Parade 2K18 සමඟ එකතු වෙනවා. DJ සංගීතය සමඟින් දැවැන්ත Truck රථ කිහිපයකුත් Roar Parade 2K18 වර්ණවත් කරන්න එක්වෙන්න නියමිතයි කියලයි අපිට ආරංචි වුණේ.

Roar Parade 2K18 කියන්නේ පොළව වගේම ගුවනත් ආක්‍රමණය කළ Parade එකක්. මෙවර Roar Parade 2K18 එක වර්ණවත් කරන්න හෙලිකොප්ටර් කිහිපයක්ම එක් වෙනවා. සුමංගල නාමය පානදුර නගරය පුරා රැව් දෙමින් හෙට උදේ 8.00 ඉඳන් 2.00 වෙනකම් සැරිසරන්න නියමිතයි. පානදුර පුරවරයට Big Match සහ Parade කලාව හදුන්වා දුන්නේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය.

සුමංගල අභිමානය පෙන්වන්න තවත් දැවැන්ත වැඩක් තමයි Roar Parade 2K18 කියන්නේ. ඒ නිසා Roar Parade එක සමඟ එකතු වෙන්න කියලා සංවිධායක මණ්ඩලය වත්මන් සහ ආදී සුමංගල පුතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙවර Roar Parade 2K18 සහ රන් සටන ක්‍රිකට් තරඟාවලියට නිල Digital මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ Siyatha 24.Lk

ඒ නිසා හෙට Roar Parade එක Siyatha FM Facebook Fan Page එක හරහා සජීවීව නරඹන්න විදෙස් ගත ආදී සුමන්ගලයින්ටත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම රන් මහා සටනේ විශේෂ අවස්ථාත් සජීවීව Siyatha FM Facebook Fan Page එක සහ සියත 24 වෙබ් අඩවිය හරහා ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්.


News Articles
Latest Videos
Most Popular Post