නිදහස් කුසලානයේ තරඟ 4 ක් අවසන් වෙලා තියෙන්නේ. අවසන් මහා තරඟයට කලින් තවත් තරඟ 2 යි ඉතිරිවෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාව මේ වෙද්දී තරඟ 3කට සහභාගී වෙලා තරඟ 2 ක් පරාජය වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ශ්‍රී ලංකාව ඉන්නේ තීරණාත්මක තැනක. ඉදිරි තරඟ 2 කේ තීරණය ලන්කාවට මොනවගේ බලපානවද කියලා අපි හොයලා බැලුවා.
ඉන්දියාව සහ බංගලාදේශය අතර අවසන් තරඟය හෙට පැවැත් වෙනවා. මේ තරඟයේදී ඉන්දියාව ජය ගත්තොත් අවසන් තරඟයට යන්න ලංකාවට ලැබෙන අවස්ථාව වැඩි. හැබැයි බංගලාදේශය හෙට තරඟය ජයග්‍රහණය කලොත් ලංකාව තවත් අවදානමකට පත් වෙනවා.
ඒ කොහොම වුනත් බංගලාදේශය සමඟ තියෙන තරඟය ශ්‍රී ලංකාව අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕන. ලංකාවේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි නිසා තාමත් දෙවෙනි ස්ථානයේ රැඳී ඉන්නවා.