News Line| Off Air
Generic placeholder image

Mar
14

ඉන්දු ශ්‍රී ලංකා තරඟය අතර ශිකර් ධවාන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට කළ දේ.

1611 Views


ඉන්දු ශ්‍රී ලංකා තරඟය අතර ශිකර් ධවාන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට කළ දේ.

මේක තවත් කතාවක්…

මමත් ඊයේ තිබ්බ මැච් එක බලන්න ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකට ගියා. මැච් එක පටන් ගන්නකම් නොඉවසිල්ලෙන් බලන් හිටියේ. මොකද පින්න නිසා මැච් එක පටන් ගන්න පරක්කු වුන නිසා. කෝමෙන් කෝම හරි ටොස් එක දාලා ඉන්දියාව බෝල් කරන්න ආපු වෙලාවෙ ඉඳන් ෆීල්ඩ් කරලා ඉවර වෙනකම් ඉන්දීය ආරම්භක පිතිකරු ශිඛර් දවාන් හිටියේ අපි හිටපු තැන ලඟින්මයි. ප්‍රේක්ශකාගාරයේ හිටපු අපි ලංකාවට සපෝට් කරද්දි ශිඛර් දවාන් අපිත් එක්ක සුහදව හිනාවෙලා අත වැනුවේ බොහොම ලෙන්ගතු කමකින් බව තේරුණා. කිසිදු ආඩම්බරකමක් නොමැතිව නිතරම හිනා වෙමින් අත වනමින් ප්‍රේක්ශකාගාරය එක්ක සුහදව ඉන්න කලාව ඔහු මනාව ප්‍රගුණ කර තිබුනා.

තවත් එක උදාහරණයක් තමයි සුරංග ලක්මාල් පන්දුවේ මාර්ගයට අවහිර කිරීමේ චෝදනාවට ලක්වූ අවස්ථාව. ඒ වෙලාවේ ප්‍රේක්ශකාගාරය අදහාගත නොහැකිව දෙගිඩියාවෙන් හිටපු වෙලාවක්. ඒ දෙසට හැරුණු ශිඛර් දවාන් අතින් පෙන්වූයේ ලක්මාල් නොදැවුණු ක්‍රීඩකයෙක් බවත් ප්‍රේක්ශකාගාරයට බිය වීමට අනවශ්‍ය බවත්. ඒ වගේම පළමු ඉනිම ඉවර වෙලා ප්‍රේක්ශකාගාරය දෙසට හැරී හාදුවක් පවා ලබාදීමෙන් පස්සේ තමයි ශිඛර් දවාන් ආපහු විවේකාගාරයට ගියේ. විදිහේහැසිරීමක් ඉන්දීය ක්‍රීඩකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ පුලුවන්ද? මට නම් එය අදහාගන්නත් බැරි කරුණක්ම වුනා.

කොහොම වුනත් සිද්ධ වුනේ ඊයේ C-Block එකේ ඉඳන් තරඟය බලපු බහුතරයකගේ හිත දිනාගන්න ශිඛර් දවාන් නම් සොඳුරු ක්‍රීඩකයා සමත් වූ බවම පමණයි…


News Articles
Latest Videos
Most Popular Post