News Line| Off Air
Generic placeholder image

Mar
14

අද ලග්න 3 කට රෝග පිඩා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

642 Views


අද ලග්න 3 කට රෝග පිඩා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 මාර්තු මස 14 වනදා  
රාහු කාලය: දිවා කාලය දහවල් 12.20 සිට දහවල් 01.50 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.20 සිට අලුයම 01.40 දක්වා
සුභ දිශාව: උතුර 
මරු සිටින දිශාව: නිරිත  

 

මේෂ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වැඩි උනන්දුවක් නොදක්වන දිනයකි. කායික හා මානසික යෝග්‍යතාව ඉතාම හොදින් පවතින දිනයකි. නමුත් රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වර්ධනයක් ඇතිවන දිනයකි. කලා කටයුතු වලට නම් ඔබට යෝග්‍ය දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                    ජය අංකය: 01

වෘෂභ ලග්නය

පෙර පින ඉස්මතු වන සුභ දිනයකි. ආදායම් තත්වය අතින් ඔබට සුභ වන දිනයකි. වෘත්තිමය කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරන අතර තම ව්‍යාපාර කටයුතු පිළබඳව වැඩි අවධානයක් දක්වන දිනයකි. අධ්‍යාපන කටයුතු වලටද සුභ දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                ජය අංකය: 06

මිථුන ලග්නය

රෝග පීඩා ඇතිවිය හැකි දිනයකි. ව්‍යාපාර වල උනන්දුවක් ඇතිවන දිනයකි. බොහෝ කටයුතු ඉතාම පහසුවෙන් කරගෙන යා හැකි දිනයකි. නමුත් කල්පනාකාරී වන්න. සතුරු කරදර පිළිබඳවද වෙනදට වඩා වැඩි උනන්දුවක් දැක්විය යුතු දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                    ජය අංකය: 04

 

කටක ලග්නය

බොහෝ අදහස් පහල වන දිනයකි. නමුත් ඔබේ වැඩ කටයුතු වලට බාධාකාරී සිතුවිලි පහල වන දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. අන් අය සමඟ, විශේෂයෙන්ම තම සේවකයන් සමඟ කරන කටයුතු වලදී ඉවසිල්ලෙන් කටයුතු කරන්න.  ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                           ජය අංකය: 04

සිංහ ලග්නය

අමාශගත රෝග පීඩා ඇතිවිය හැකි දිනයකි. ප්‍රවේසම් වීම ඔබට වඩාත් වැදගත් වේවි. ඉවසිලිවන්තව හා කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යා යුතු දිනයකි. විදෙස්ගත වීමට ඇරයුම් හා අවස්ථා ලැබෙන දිනයකි. හොදින් සිතාබලා වැඩ කටයුතු  සිදුකරන්න .
ජය වර්ණය: රන්වන් පැහැය                                        ජය අංකය: 06

කන්‍යා ලග්නය

අධ්‍යාපන කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. ඔබේ විවාහ ප්‍රමාදවීම් හා ප්‍රේම සම්බන්ධතා වලට තිබු බාධා දුරුවන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු දියුණු වන දිනයකි. සමාජයේ වැඩි ගෞරවයට පාත්‍ර වන දිනයකි. බොහෝ අය ඔබේ උදව් බලාපොරොත්තුවෙන් ඔබව සොයා එන දිනයකි. සමාජ ගෞරවයද නොමදව ලැබෙන දිනයකි.
ජය වර්ණය: කොළ පැහැය                                       ජය අංකය: 06

 

තුලා ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලට බාධා පැමිණෙන දිනයකි. එමෙන්ම රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව කාර්යබහුල වන දිනයකි. වචන භාවිතයේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. තම නිවාස ආශ්‍රිතව වැඩියෙන් ගැවසෙන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                      ජය අංකය: 08

 

වෘශ්චික ලග්නය

 

ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. අපහාස හා චෝදනා ඇතිවිය හැකි දිනයකි. එබැවින් ඉවසිලිවන්තව මෙන්ම කල්පනාකාරීව වැඩ කරන්න. සැහැල්ලුවෙන් කටයුතු කර කෝපය පාලනය කරගත යුතු දිනයකි. වඩාත් ඉවසිල්ලෙන් හා  කල්පනාකාරීව තීරණ ගැනීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                             ජය අංකය: 07

 

 

ධනු ලග්නය

මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. අධික කාර්යබහුලත්වයක් ඇතිවන දිනයකි. අනවශ්‍ය වියදම් වලට නොයන්න. කල්පනාකාරීව නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය                                                  ජය අංකය: 06

 

මකර ලග්නය

බොහෝ අදහස් පහල වන ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන සුභ දිනයකි. නමුත් වංචනික පුද්ගලයන්ට අසු වීමට ඉඩ ඇති දිනයකි. එබැවින් නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                 ජය අංකය: 01

 

 

කුම්භ ලග්නය

තාක්ෂණය හා සම්බන්ධ කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. නමුත් මානසික පීඩා ඔබේ වැඩ කටයුතු වලට බාධා කරන දිනයකි. කෙසේ වුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ඔබේ වැඩ කටයුතු වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව එවිට ඔබට උදාවේවි.
ජය වර්ණය: ලා කහ පැහැය                                                ජය අංකය: 06

 

 

මීන ලග්නය

ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. තරග ආදියෙන් නියත ජය ලබාගත හැකි සුභ දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. කල්පනාකාරීව මෙන්ම ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                           ජය අංකය: 04
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post