News Line| Off Air
Generic placeholder image

Mar
14

Viber තහනම ඉවත් කරයි. Facebook, Whatsapp තහනම තවදුරටත්.

545 Views


Viber තහනම ඉවත් කරයි. Facebook, Whatsapp තහනම තවදුරටත්.

ශ්‍රී ලංකාවේ Social Media තහනම් කරලාඅ අදට දවස් 9 ක් වෙනවා. Facebook, Whatsapp, Viber ඇතුළු සමාජ ජාල කිහිපයක්ම මේ වාරණයට යටත් වුණා.

කොහොම වුනත් ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳන් Viber තහනම ඉවත් කරලා තියෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කිව්වා. ආරක්ෂක ලේකම්වරයාගේ දැනුම්දීමක් මත තමයි Viber පහසුකම ආයෙමත් ලබා දීලා තියෙන්නේ.

Facebook ඇතුළු අනෙක් සමාජ මාධ්‍ය ජලා ලබන 16 වෙනිදා ඉඳන් ලබා දෙනවා කියලයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කිව්වේ. ඊයේ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම් සභාවේ තිබ්බ විශේෂ සාකච්ඡාවකදී මේ තීරණය අරගෙන තිබ්බා. ජනාධිපතිවරයාත් දුරකතනයෙන් මේ සාකච්ඡාවට සහභාගී වෙලා තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post