ශ්‍රී ලංකා ක්‍රිකට් ආයෙත් තිබුන තත්වයට ගේන්න ලොකු සැලැස්මක් මේ වෙද්දී ක්‍රියාත්මක වෙනවා. හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු කිරීම, ක්‍රීඩකයින් පුනුරුත්ථාපනය කරන්න නිලධාරියෙක් ගෙන්වීම වගේ සැලැස්ම කිහිපයක් මේ වෙද්දී ක්‍රියාත්මක කරා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කරන්න මෘදුකාංගයක් ගෙන්වලා තියෙනවා. ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගෙන ක්‍රීඩකයින්ගේ දුර්වලතා හඳුනා ගන්න තමයි මේ මෘදුකාංගය ගෙන්නලා තියෙන්නේ. ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම මේ මෘදුකාංගය භාවිතා කරලා තියෙනවා. එය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගැලපෙන පරිදි වෙනස් කරලා භාවිතා කරන්න නියමිතයි.
සෑම ක්‍රීඩකයෙකුගේම ශරීරයේ GPS උපකරණයක් සවි කරනවා. පුහුණු සැසිවලදී සහ තරඟවලදී ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන සියලුම විස්තර එමගින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩකයින් විඩාවට පත්වෙන විදිය,හදගැස්ම ඇතුළු තොරතුරු රැසක් ලබා ගන්න මේ මෘදුකාංගයට සම්බන්ද GPS උපකරණය මගින් පුළුවන්.
මේ මෘදුකාංගය ලබා ගන්න රුපියල් මිලියන 11 ට අධික මුගලක් වය කරලා තියෙනවා. ඒ වගේම මේ මෘදුකාංගය නඩත්තු කරන්න අවුරුද්ද්දකට රුපියල් මිලියන 3 කට වැඩි මුදලක් වැය වෙනවා.