News Line| Off Air
Generic placeholder image

Mar
14

අයින්ස්ටයින්ගෙන් පසුව බිහිවුන ලෝකයේ ලොකුම බුද්ධිමතා මිය යයි.

954 Views


අයින්ස්ටයින්ගෙන් පසුව බිහිවුන ලෝකයේ ලොකුම බුද්ධිමතා මිය යයි.

ස්ටීවන් හෝකින් කියන්නේ අයින්ස්ටයින්ගෙන් පස්සේ ලෝකයේ බිහි වුන ලොකුම බුද්ධිමතායි. 20 වන සියවසේ විශාල සොයා ගැනීම් රැසක් ඔහු සොයා ගත්තා. අවුරුදු 76 ක් වුන එතුමා අද මියගොස් තියෙනවා.

ස්ටීවන් අවුරැදු 30ක් එංගලන්තයේ කෙමිබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලුකේසියානු මහාචාර්යවරයා විදියට කටයුතු කළා. අයිසෙක් නිවුටන්ට පසුව එම ධූරය දැරෑ එකම පුද්ගලයා ඔහුයි. කොහොම වුනත් ස්ටීවන් හෝකින් වසර ගණනාවක් තිස්සේ අංශභාග රෝගයට ලක්වෙලා හිටියේ. හැබැයි ඒ කිසිවක් ඔහුගේ පරීක්ෂණ වලට බාධාවක් වුනේ නෑ.

අවසාන කාලයේ ඔහුට හරියට කතා කිරීමට පවා බැරි වුනා. ඒ නිසා එතුමාගේ වටිනා අදහස් දැන ගන්න ඉන්ටෙල් සමාගම මඟින් තැනු විශේෂ පරිගණකයක් ඔහුගේ රෝද පුටුවට සවි කරලා තිබ්බා. මෙම පරිගණකයට ඉතා උසස්ම කෘතිම බුද්ධිතාක්ෂණය අන්තර්ගත කරලා තියෙනවා. ස්ටීවන් හෝකින් යමක් සිතන කොට එය පරිගණක තිරයේ සටහන් වෙනවා. අවශ්‍ය නම් පරිගණකය හරහා එය කියවන්නත් පුළුවන්.

අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් ක්වොන්ටම් වාදයත් එකට ගලපන්න එතුමා ලොකු උත්සාහයක් ගත්තා. දැනටමත් ඒ සඳහා උදවු වන සොයා ගැනීම් රැසක් එතුමා කරලා තියෙනවා. ස්ටීවන් හෝකින් ප්‍රකට විද්‍යා ලේඛකයෙක්ද වෙනවා. ඔහු 1988 ලියන ලද A breif history of time කෘතිය අදටත් ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන පොත් අතර තියෙනවා.

කොහොම වුනත් එතුමාගේ අභාවය මුළු ලෝකයම ලොකු පාඩුවක් වේවි.


News Articles
Latest Videos
Most Popular Post