ශ්‍රී ලාංකිකයෝ කියන්නේ ලෝකයේ කොහේ ගියත් අනිත් අයගේ හිත දිනා ගන්න පුළුවන් පිරිසක්. ඔස්ට්‍රේලියාව කියන්නේ ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසක් ජීවත්වෙන රටක්. හැබැයි දැන් නම් ලංකාවේ අයට ලේසියෙන් ශ්‍රී ලංකාවට යන්න බෑ.
ඒ වුනත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙන් ගමක්ම විරෝධතාවයක් දක්වපු පුවතක් අපිට වාර්තා වුනා. ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බිලොයිලා නගරයේ ජීවත්වෙන ශ්‍රී ලාංකික පවුල වසර 3 ක වීසා අවසන් වීම නිසා පිටුවහල් කරන්න එරට රජය තීරණය කරලා තියෙනවා. මේ තීරණයට එරෙහිව බිලොයිලා නගරයේ වැසියන් විරෝධතාවයක් දක්වාල තියෙනවා.
ඔවුන් ඉටිපන්දම් දල්වාගෙන මේ විරෝධතාවයට එකතු වෙලා ඉන්නවා කියලයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කරේ. කොහොම වුනත් ඕස්ට්‍රේලියානු රජය තීරණය වෙනස් කරා කියලා නම් තාම දැනුම් දීලා නෑ.