අද කලා කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.
758 Views
අද 2018 මාර්තු මස 15 වනදා
රාහු කාලය: දිවා කාලය දහවල් 01.50 සිට 03.20 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.48 සිට 03.18 දක්වා
සුභ දිශාව: බස්නාහිර
මේෂ ලග්නය

අවංකව හා යුක්ති සහගතව, නීතියට අනුව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. එඩිතර බව හා නායකත්ව ගුණාංග ඔබට අද ජය ගෙන දෙන දිනයකි. ලැබිය යුතු මුදලක් ලැබෙන දිනයකි. වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 02
වෘෂභ ලග්නය

කලා කටයුතු වලට වඩාත් සුභ දිනයකි. සුක්ෂම කලා නිර්මාණ වලින් ආදායම් ලැබෙන දිනයකි. සියලුම අධ්‍යාපන වැඩ කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 01
මිථුන ලග්නය

චින්තන ශක්තිය ඉහල මට්ටමක පවතින දිනයකි.විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටිය සඳහා අවශ්‍ය පියවර ගැනීමටද වඩාත් යෝග්‍ය දිනයකි. දුර්වලතා නිසා ඔබට අවාසි සහගත තත්වයන් ඇතිවීමට ඉඩ ඇති බැවින් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 09
කටක ලග්නය

ගංගා හා මුහුදු ආශ්‍රිතව වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි.කලපනාවෙන් වැඩ කටයුතු කරන්න. සෑම දෙයක් ගැනම දෙවරක් සිත බලා වැඩිපුර සොයාබැලිය යුතු දිනයකි. බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඔබට ලැබෙන දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 08
සිංහ ලග්නය

පාලනය බලය ඔබ සතු නම් දවස ඉතාම සාර්ථකයි. නමුත් කලපනාකාරී වන්න. සමාජ සේවා වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. නිදහසේ හා විනයානුකුලව, වඩාත් ශක්තිමත් තීරණ මත ඔබ කටයුතු කරයි. අවංක බව ඉතාම ඉහලයි. මනා පෞරුෂයකින් යුතුව නිර්භීතව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 07
කන්‍යා ලග්නය

ඔබේ සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. නිවස ආරක්ෂාකාරීව තබාගත යුතු දිනයකි. නිසි තීරණ ගැනීම වඩාත් වැදගත් වන දිනයකි. සතුරු කරදර පිළිබඳවද සැළකිල්ලෙන් කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 06
තුලා ලග්නය

මහා පරිමාන ව්‍යාපාර ආරම්භයට ඉතාම සුභ දිනයකි. නිර්මාණ වැඩ කටයුතු වලටද ඉතාම යෝග්‍ය දිනයකි. ව්‍යාපාර වලට ඉතාම සුභ දිනයක් වන අතර වෙළඳාමට, ව්‍යාපාර වලටද වඩාත් සුභ දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද ඉතාම සුභ දිනයක්.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 05
වෘශ්චික ලග්නය

දියුණුව සැලසෙන දිනයකි. අනුන්ගේ වෙනුවෙන් පිහිට වන දිනයකි. ඔබට මෙතෙක් තිබු පීඩා දුරුවිය හැකි සුභ දිනයකි. මහන්සියෙන් හා කැපවීමෙන් වැඩ කටයුතු කරන්න. නිසි තීරණ මත තියුණු නුවණින් යුතුව කටයුතු කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 04
ධනු ලග්නය

අන් අයට ආදර්ශමත්ව දිනය ගත කල හැකිය. තාක්ෂණික මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද ඉතාම යෝග්‍ය දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. පාරම්පරික හා මව් පිය උරුමය ඔබට ලැබෙන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 03
මකර ලග්නය

සියලු ප්‍රශ්නයන් හමුවේ සාර්ථකව දිනය ගතකිරීමේ වාසානාව ඇත. ක්‍රියාශීලීව වැඩ කටයුතු කරන්න. ආගමට දහමට වැඩියෙන් යොමුවන දිනයකි. පුරාණ දේවල් වලට වඩාත් ඇලුම් කරන දිනයකි. අනවශ්‍ය ක්‍රියාවන් ආශ්‍රය ඔබට අවාසි ගෙන දෙයි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. සියලු වැඩ කටයුතු ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 02
කුම්භ ලග්නය

තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කළහැකි දිනයකි. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. ඉවසිල්ලෙන් හා සෙවිල්ලෙන් කටයුතු කරන්න. නිර්මාණ වැඩ කටයුතු වලටද ඉතාම යෝග්‍ය දිනයකි. එමගින් ඔබට දියුණු වීමට මග පෑදෙන දිනයකි. හොදින් සිතා බලා නිවැරදි තීරණ ගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 01
මීන ලග්නය

කලබලයකින් මෙන්ම කෝපයකින් යුතුව කිසිදු තීරණයක් ගැනීමට නොයන්න. එසේ වීම තුළ ඔබේ වැඩ කටයුතු සියල්ල අඩපන වීමටද ඉඩ ඇත. සන්සුන්වීම ඔබට වඩාත් වැදගත් වේවි. ඔබේ හැසිරීම හා කතාව පිළිබඳවද වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. වගකීමෙන් බැහැර නොවන්නට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829