News Line| Off Air
Generic placeholder image

Mar
15

ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගනී. – Photo

713 Views


ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගනී. – Photo

නිදහස් කුසලානයේ අවසන් මහා තරඟයට යන්න වරම් ලබා ගන්න ඉන්දියාව ඊයේ සමත් වුණා. ඒ බංගලාදේශයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලබා ගෙන. ඊයේ තරඟයේ කාසියේ වාසිය ලබා ගත්තේ බංගලාදේශය. ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙන්න ඉන්දියාවට ආරාධනා කළා.

පළවෙනි කඩුල්ලට ලකුණු 70 ක සබදතාවයක් රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් ගොඩනැගුවා.ධවාන් ලකුණු 36 යි. ඊට පස්සේ රයිනා සමඟ එකතු වුන ෂර්මා 2 වෙනි කඩුල්ලට ලකුණු 102 ක් එක්කලා. සුරේෂ් රයිනා ලකුණු 47 යි. අවසන් පන්දුවේදී දැවී ගිය ෂර්මා ලකුණු 89 යි. ඔහුගේ ඉනිම 4 පහර 5 කින් සහ 6 පහර 5 කින් වර්ණවත් වුණා. රුබෙල් හුසේන් කඩුලු 2 ක් දවා ගත්තා.

බංගලාදේශයට ලකුණු 177 ක් ඉලක්කයක් ජයග්‍රහණය සඳහා ලැබුණා. හැබැයි සාර්ථක ආරම්භයක් ලබා ගන්න බංගලි ආරම්භක පිතිකරුවන්ට බැරි වුණා. තමීම් ලකුණු 27 යි. නායක මහමඩුල්ල ලකුණු 11 යි. සබීර් රහමන් ලකුණු 27 යි. මුෂ්ෆිකර් රහීම් බංගලාදේශය ජයග්‍රණයට ගෙනියන්න හුදෙකලා සටනක් දියත් කරා. ඔහු නොදැවී ලකුණු 72 ක් රැස් කරා. ඒ 4 පහර 8 ක් සහ 6 පහරක් සමඟින්.

පන්දුවාර 20 අවසන් වෙද්දී බංගලාදේශයට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 159 ක් විතරයි. ඔවුන්ගේ කඩුලු 9 ක් ම බිඳවැටිලා තිබ්බා. ඒ අනුව ලකුණු 17 ක පහසු ජයක් ඉන්දියාවට ලැබුණා. බංගලි පිතිකරුවන් දඩයම් කළ වොෂිංටන් කඩුලු 3 ක් දවා ගත්තා. තරඟයේ වීරයා රෝහිත් ෂර්මා. සුපුරුදු පරිදි වාර්තා කිහිපයකුත් මේ තරඟයේදී අලුත් වුණා.

* ඉන්දියාව සහ බංගලාදේශය අතර පවත්වා ඇති T20 තරංග 7 න් 7 ම ජය ගන්න ඉන්දියාව සමත් වෙලා තියෙනවා.
* T20 තරඟයකදී ඉන්දීය ක්‍රීඩකයෙක් එල්ල කළ වැඩිම 6 පහර ගණනට (75) හිමි වාර්තාව අලුත් කරන්න රෝහිත් ෂර්මා සමත් වුණා.
* මුෂ්ෆිකර් රහීම් ලබා ගත්ත ලකුණු 72 බංගලාදේශ ක්‍රීඩකයෙක් T20 තරඟයකදී ඉන්දියාවට එරෙහිව රස කළ පළවෙනි අර්ධ ශතකය විදියට වාර්තා වුණා.
* මුෂ්ෆිකර් සහ සබීර් ගොඩනැගුව ලකුණු 65 ක සබදතාව බංගලාදේශය T20 තරඟයකදී 5 වෙනි කඩුල්ල සඳහා රැස් කළ වැඩිම ලකුණු ගණන විදියට තර්තා අතරට ගියා.
* T20 තරංග වල වැඩිම ස්ටම්ප් ප්‍රමාණයක් දවා ගත කඩුලු රකින්නන් අතර 4 වෙනි තැනට එන්න කාර්තික් සමත් වුනා. ඔහු ස්ටම්ප් කිරීම් 50 ක් ලබා ගෙන තියෙනවා.

තීරණාත්මක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරඟය හෙට පැවැත් වෙනවා. ඉන්දියාව සමඟ අවසන් මහා සටනට යන්නේ කුඩා කියලා ඒ තරඟයේදී තීරණය වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post