News Line| Off Air
Generic placeholder image

Mar
15

Facebook සමාගමට ලංකාවෙන් මාසයකට කෝටි 50 ක ආදායමක්. ශ්‍රී ලංකාවේ Facebook ගිණුම් වලින් සකර්බර්ග් සල්ලි හොයන හැටි මෙන්න.

2200 Views


Facebook සමාගමට ලංකාවෙන් මාසයකට කෝටි 50 ක ආදායමක්. ශ්‍රී ලංකාවේ Facebook ගිණුම් වලින් සකර්බර්ග් සල්ලි හොයන හැටි මෙන්න.

තාමත් ලංකාවේ Facebook තහනම ඉවත් කරලා නෑ. Facebook ආයතනයේ නිලධාරින් පිරිසක් අද රජයත් සමඟ සාකච්ඡා කරන්න නියමිතයි. ඒ සඳහා Facebook සමාගමේ ඉහළ නිලධාරින් පිරිසක් ඊයේ ලංකාවට ආවා. ඇත්තටම Facebook එකට ලංකාව ගැන මෙච්චර කැක්කුමක් ඇයි?

එකට හේතුව Facebook සමාගම ලංකාවෙන් උපයන අධික මුදල් ප්‍රමාණය. Facebook සමාගමේ දත්ත වලට අනුව මාසෙකට ලංකාවේ Facebook ගිණුම් වලින් කොටි 50 ක විතර ආදායමක් ලැබෙනවා. ඒ Facebook ගිණුම් හිමියන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ දැන්වීම් පළකරලා. ලංකාවට අයිති Facebook ගිණුම් මිලියන 6.5 ක් තියෙනවා කියලා ගණන් බලලා තියෙනවා. ඒ වුනත් දිනපතා ක්‍රියාකාරී වෙන ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවනවා.

ලංකාවේ එක Facebook ගිණුමකින් වාර්ෂිකව ඩොලර් 1 ක් දළ වශයෙන් උපයනවා. ඒ කියන්නේ රුපියල් 150 ක් මුදලක්. ඉන්දියාවේ Facebook ගිණුමකින් ඉන්දීය රුපියල් 16 ක් මුදලක් උපයා ගන්නවා. Facebook සමාගම දකුණු ආසියානු රටවලින් උපයා ගන්නා එක පුද්ගල ආදායම අනුව ලංකාවට හිමිවෙලා තියෙන්නේ 2 වෙනි තැන.

හැබැයි ඉතින් මේ පිටරට යන සල්ලි වලින් රජයට නම් සත 5 ක් ලැබෙන්නේ නෑ. ඒ වගේම Data කපාගෙන පැල් බැඳගෙන Facebook යන ඔබටත් කිසිම සෙතක් නම් වෙන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post