දවසින් දවස දියුණු වෙන ලෝකයත් එක්ක මෝටර් රථ තාක්ෂණයත් ඉහළටම යනවා. දැන් ලෝකයේ තියෙන අලුත්ම Trend එක තමයි පරිසර හිතකාමී Luxury මෝටර් රථ. මේ Trend එකට ලොකු තරඟයක් දෙන්න Aston Martin සමගම සුපිරි මෝටර් රථයක් නිපදවලා තියෙනවා.
ඒ තමයි “Logonda” මෝටර් රථය. අනාගත මෝටර් රථයක් විදියට හදුන්වන Logonda මෝටර් රථය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී. විදුලි බලයෙන් තමයි මේ මෝටර් රථය ක්‍රියාත්මක වෙන්නේ.
මේ මෝටර් රථයේ අභ්‍යන්තරය නිපදවලා තියෙන්නේ සිල්ක්, කැෂ්මෙයර් සහ කාබන් වලින්. ආදී සුඛෝපභෝගී මෝටර් රථයක් වුන් Logonda ඉදිරපස ආසන පිටුපසට කරකැවිය හැකියි. මේ මෝටර් රථයේ සුක්කානම වම පසට හෝ දකුණු පසට ගෙනියන්න පුළුවන්. ඒ නිසා කැමති පැත්තක ඉඳන් වාහනය පදවන්න පුළුවන්.
කොහොම වුනත් මේ මෝටර් රථයට තාමත් මිලක් නියම කරලා නෑ. 2021 දී තමයි මේ මෝටර් රතය් වෙළඳපොළට එන්නේ.
https://youtu.be/3LmtZjX6jMs