News Line| Off Air
Generic placeholder image

Mar
15

ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳගෙන් දික්කසාද වෙන්න තීරණය කරයි.

1358 Views


ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳගෙන් දික්කසාද වෙන්න තීරණය කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ලෝකයේ ජනාධිපතිවරයා. හැමදාම මොකක් හරි ආන්දෝලනාත්මක පුවතක් ට්‍රම්ප් ගැන විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ට්‍රම්ප් ගැන අලුත්ම පුවත තමයි ඔහු බිරිඳගෙන් දික්කසාද වෙන්න යනවා කියන එක.

හැබැයි මේ විදියට තීරණය කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් නෙවෙයි. ඔහුගේ ලොකු පුතා වන කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ ඉවානා ට්‍රම්ප්ගේ ලොකු පුතා වන කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙක්.

කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ බිරිඳ වැනීසා ට්‍රම්ප්ගෙන් තමයි දික්කසාද වෙන්න තීරණය කරලා තියෙන්නේ. ඔවුන් දෙදෙනා විවාහ වුනේ මීට අවුරුදු 13 කට කලින්. ඔවුන්ට දරුවන් 5 දෙනෙක් ඉන්නවා.

මිට ටික කාලයකට කලින් තමයි ඔවුන්ගේ විවාහය දෙදෙරා ගිහින් තියෙන්නේ. හැබැයි තාත්තා ජනධිපති වුන නිසා ඔහුට අගෞරවයක් වෙයි කියලා දික්කසාද වෙලා නෑ. එත් දැන් නම් දික්කසාදයට අවශ්‍ය සියලුම ලිපි ලේඛන සකස් කරලා ඉවරයිලු.


News Articles
Latest Videos
Most Popular Post