News Line| Off Air
Generic placeholder image

Mar
16

අද ලග්න තුනක් ගෞරවය ලබනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න

1085 Views


අද ලග්න තුනක් ගෞරවය ලබනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න

අද 2018 මාර්තු මස 16 වනදා  
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.48 සිට දහවල් 12.19 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.50 සිට අලුයම 12.19  දක්වා 
සුභ දිශාව: උතුර 
මරු සිටින දිශාව: ගිනිකොණ  

 

මේෂ ලග්නය

ඔබට බොහෝ කාර්යබහුල දිනයකි. බාධා යටපත් කරගෙන සාර්ථකව දිනය ගත කල හැකියි. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග තිබෙනවානම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. නිවසේ අය සමඟ ගමන් බිමන් ඇතිවන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                    ජය අංකය: 06

වෘෂභ ලග්නය

ඔබේ හැකියාවන් වර්ධනයට ඉඩකඩ ලැබෙන දිනයකි. කායික හා මානසික ශක්තිය ඉතාම යහපත් පවතින වෘත්තිමය කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරන අතර මුල්‍ය පරිපාලනය වැනි කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. වෙනදට වැඩ ඔබේ සෞඛ්‍ය පිළිබඳව සැළකිලිමත් වන්න. හොදින් ජලය පානය කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                ජය අංකය: 03

මිථුන ලග්නය

වියදම් අධික වන දිනයකි. රැකියා කටයුතු වල වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලට වඩාත් යහපත් දිනයකි. ඔබේ වචන භාවිතයේදී වඩාත් සැළකිලිමත් වන්න. හවුල් ව්‍යාපාර කටයුතු වලදී, තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු අතර නිතරම කලප්නාවෙන් වැඩ කටයුතු කල යුතු දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                    ජය අංකය: 04

 

කටක ලග්නය

අතිශය කාර්යබහුල දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. මානසික තත්වයට බාධා ඇතිවන දිනයකි. සතුරු කරදර පිළිබඳවද වඩාත් සැළකිලිමත් විය යුතු දිනයක් වන අතර මිතුරන් කෙරෙහිද වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                                          ජය අංකය: 08

සිංහ ලග්නය

සමාජයේ වෙනස් පුද්ගලයන්ගේ ඇසුර ලැබෙන දිනයකි. අන් අය තුළ ඔබ පිළිබඳව විශ්වාසයක්, ගෞරවයක් ඇතිවන දිනයකි. ගමන් බිමන් වලදී ප්‍රවේසම් විය යුතු අතර කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යා යුතු දිනයකි. හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලටද සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                        ජය අංකය: 06

කන්‍යා ලග්නය

ලැබීම් අතින් ඔබට වඩාත් සුභ දිනයකි. ඔබේ හැකියාවන් වෙනදට වඩා වර්ධනය වන දිනයකි. වැඩිහිටියන්ගේ වැඩි උදව් උපකාර ලබාගත හැකි දිනයකි. කලා කටයුතු හා සියුම් වැඩ කටයුතු වලින් වැඩි ජයග්‍රහණ ලබාගත හැකි දිනයකි. සමාජ ගෞරවයද නොමදව ලැබෙන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                       ජය අංකය: 09

 

තුලා ලග්නය

මානසික හා කායික ශක්තිය ඉතාම යහපත් මට්ටමක පවතින දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලදී වෙනස් අදහස් ඇතිවන දිනයකි. අන් අය සමඟ ඉතාම සහයෝගයෙන් කටයුතු කළහැකි ඔබේ පෞරුෂය වර්ධනය වන දිනයකි.  ආමාශගත රෝග වලින් ප්‍රවේසම් වීම වැදගත්. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                      ජය අංකය: 08

 

වෘශ්චික ලග්නය

 

පෙර පින ඉස්මතු වන දිනයකි. අධ්‍යාපනික ශක්තිය වැඩි වන, අධ්‍යාපන වැඩ කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. අලුත් පුද්ගලයන් හමුවන, සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. අනවශ්‍ය විදම් වැඩිවිය හැකි දිනයක් වන බැවින් වඩාත් ඉවසිල්ලෙන් හා  කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.  ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                             ජය අංකය: 07

 

 

ධනු ලග්නය

කරනා වැඩ කටයුතු සාර්ථක වන ස්භාවයක් පෙන්නුම් කරන මුත් ඒවා අසාර්ථක වීමේ වැඩි ඉඩකදක්ද පවතින දිනයකි. මනස සන්සුන් කරගැනීම වඩාත් වැදගත් වන දිනයකි. ඉවසීම ඔබ අද දින වැඩියෙන් ප්‍රගුණ කළයුතු දිනයකි. කල්පනාකාරීව වැඩ කරන්න. නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                  ජය අංකය: 03

 

මකර ලග්නය

වැඩි වියදම් ඇතිවිය හැකි දිනයකි. මුදල් හැසිරවීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. සියලුම කලා කටයුතු වලටද ඉතාම යෝග්‍ය දිනයකි. සහෝදරයින්ගෙන් ඔබට බාධා ඇතිවන දිනයකි. ඔබේ සිත සතුටින් ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                 ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

ඔබට තිබෙන සියලු සතුරු බාධා දුරුකරගත හැකි සුභ දිනයකි. යුග ජීවිතය තුල තිබු බාධා ඉවත්ව  දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ඔබේ වචනයට අන් අය අතර වැඩි ගෞරවයක් ලැබෙන දිනයකි.  කල්පනාකාරීව  නිසි සැලසුම් සහිතව ඔබේ වැඩ කටයුතු සකස් කරගත යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                ජය අංකය: 06

 

 

මීන ලග්නය

අනවශ්‍ය ගැටලු ඇතිවීමට ඉඩ ඇති දිනයක් වන බැවින් ප්‍රවෙසම්ව කටයුතු කරන්න. සිත් අමනාපකම් ඇතිවිය හැකි දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. අන් අයට කරන උදව් වලදී වඩාත් ප්‍රවේසම් වන්න. සෙම් සහිත රෝග තිබෙනවානම් ප්‍රතිකාර සඳහා යොමුවන්න. ගන්නා තීන්දු තීරණ පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා කහ පැහැය                                           ජය අංකය: 08
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post