News Line| Off Air
Generic placeholder image

Mar
16

“කාසියේ වාසිය අපිට ඕනේ නෑ. පන්දු යවන්නන් වෙනුවෙන් අලුත් Plan එකක් ගැහුවා.” – අද තරගය ගැන හතුරු කතා කරයි.

1808 Views


“කාසියේ වාසිය අපිට ඕනේ නෑ. පන්දු යවන්නන් වෙනුවෙන් අලුත් Plan එකක් ගැහුවා.” – අද තරගය ගැන හතුරු කතා කරයි.

නිදහස් කුසලානයේ තීරණාත්මක තරඟය අද පැවැත් වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර සටන. අවසන් මහා තරඟයේදී සටනට යන්නේ කවුද කියලා තීරණය කරන්නේ මේ තරඟයේදී. තරඟයට කලින් තිබ්බ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අද තරඟය ගැන මාධ්‍යට අදහස් දැක්වුවා.

“කාසියේ වාසිය වැදගත් කියලා නෑ. කාසියේ වාසිය දිනුවත් නැතත් කොහොමද තරඟ වදින්නේ කියන සැලැස්ම අපි ළඟ තියෙනවා. මට හෙට තරඟය සම්බන්ධයෙන් කිසිම පීඩනයක් නෑ. මම පීඩනය කියන්නෙ මොකක්ද කියලා දන්නේ නෑ. හෙට තරඟය අපිට තවත් තරඟයක් විතරයි.” කියලයි හතුරු කාසියේ වාසිය ගැන කිව්වේ.

බංගලාදේශය එක්ක තිබ්බ පළවෙනි තරඟය පැරදුන එක ගැන මොකද හිතන්නේ කියලා මාධ්‍යවේදියෙක් ඇහුවා. “ඒ තරඟයේදී අපේ පන්දු යවන්නන් හරියට කරේ නෑ. අපි කියලා අපි දන්නවා. ඒ වගේම අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීමේ වරද මඟ හරවා ගන්නත් අපි කතා කරලා තියෙනවා.’ කියලයි හතුරුසිංහ උත්තර දුන්නේ.

ෂකිබ් ඇල හසන්ව බංගලාදේශය හදිසියේම කාණ්ඩයමට කැඳවලා තියෙනවා. ඒ ගැනත් මාධ්‍යවේදීන් හතුරුසිංහගෙන් ඇහුවා. “එක බංගලාදේශයට ලැබෙන වාසියක්. අපි කල්පනා කරන්නේ ඔවුන් පාලනය කරන ක්‍රම ගැන.” අද තරඟයේ ජයග්‍රහණය වෙනුවෙන් දෙපැත්තෙන්ම තියුණු සටනක් බලා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post