News Line| Off Air
Generic placeholder image

Mar
16

ලංකාවටම ට්‍රාන්ස්ෆෝමර්ස් හදන ගමන්, ලෝකේ වටේ විදුලි බලාගාර හදන ශ්‍රී ලාංකික සමාගම. – Exclusive

2322 Views


ලංකාවටම ට්‍රාන්ස්ෆෝමර්ස් හදන ගමන්, ලෝකේ වටේ විදුලි බලාගාර හදන ශ්‍රී ලාංකික සමාගම. – Exclusive

විදුලි කියන්නේ වත්මන් ලෝකයේ අත්‍යවශ්‍යම බලශක්තියක්. ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයා තමයි LTLහෝල්ඩිංස් සමාගම. ඔවුන් මේ වෙද්දී විජයග්‍රාහී ගමන්මගේ 35 වන වසරට ඇවිත් තියෙනවා. ඔවුන් පැමිණි ජයග්‍රාහී ගමන් මඟ ගැන සමාලෝචනයක් දේශීය හා විදේශීය මුද්‍රිත, සමාජ ජාල හා වෙබ් ජනමාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පහුගිය දවසක (14) කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත් වුණා.

ඉහළ ප‍්‍රමිතියකින් සහ අඩු පිරිවැයකින් යුතු ට‍්‍රාන්ස්ෆෝමර් ශ්‍රී ලංකාව තුළදීම නිපදවන්න දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත අලුත් ආයතනයක අඩුව ලංකාවට ලොකුවටම තිබ්බා. මේ අඩුව පුරවන්න ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ට‍්‍රාන්ස්ෆෝමර් අලූත්වැඩියා අංශයේ තරුණ ඉංජිනේරුවෙකු වශයෙන් ක‍්‍රියා කළ යූ.ඩී. ජයවර්ධන මහතා. ඒ විදුලි බල මණ්ඩලයේ ට‍්‍රාන්ස්ෆෝමර් අලූත්වැඩියා අංශය භාරව කටයුතු කළ ඉංජිනේරුවරයා වූ චන්න අමරසිංහ මහතාගේ මඟපෙන්වීමෙන්. එකේ ප්‍රතිඵලයක් විදියට තමයි ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගම බිහි වෙන්නේ.

1982 වසරේදී ට‍්‍රාන්ස්ෆෝමර් 700 ක් පමණ නිපදවීමේ හැකියාවකින් යුතු කර්මාන්ත ශාලාවකින් තමයි ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගම ගන්නේ. අද වෙද්දී දේශීයව වගේම ට‍්‍රාන්ස්ෆෝමර් අපනයනය හරහා ජාත්‍යන්තරයද ජය ගන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ විශාලතම බලශක්ති ජනන සමාගම බවටද පත්වෙලා තියෙනවා. 90 දශකයේදී නඩත්තුවක් අවශ්‍ය නැති ට‍්‍රාන්ස්ෆෝමර් සහිත දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රී ලංකාව පත් කරන්න ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට පුළුවන් වෙනවා.

ලාංකීය විදුලිබල ක්ෂේත‍්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 1996 වසරේදී LTL සමාගම විදුලි බලාගාර ගොඩනැංවීමේ ක්ෂේත‍්‍රයට පිවිසෙනවා. ඒ ලක්දනවි විදුලි බලාගාරයආරම්භ කරලා. ලංකාවේ ස්වදේශීය වශයෙන් ඉදි කරන ලද පළවෙනි බලාගාරය වුණේ ලක්දනවි බලාගාරය. එක මෙගාවොට් 25ක ධාරිතාවයකින් යුක්ත වුණා. ඊට පස්සේ මෙගාවොට් 300 ක ධාරිතාවයෙන් යුතු කෙරවලපිටිය යුගදනවි බලාගාරය, යාපනය චුන්නාගම් විදුලි බලාගාරය, පුත්තලම පවන්දනවි සුළං විදුලි බලාගාරය, පුත්තලම හෙළදනවි විදුලි බලාගාරය, කෑගල්ල අසුපිනි ඇල්ල කුඩා විදුලි බලාගාරය සහ රත්නපුර බෙලිහුල්ඔය කුඩා විදුලි බලාගාරය ඇතුළු බලාගාර රැසක්ම ඉදිකරන්න LTLසමාගමට පුළුවන් වෙනවා.

පසුගිය අවුරුදු 10 ඇතුළතදී දේශීය සමාගමක් ලෙස බංගලාදේශය, ඕමානය සහ මාලදිවයින වැනි රටවල ඉදි කෙරුණු විදුලි බලාගාර රැසක් ගොඩනගලා තියෙනවා.ඒ වගේම උගන්ඩාව, ටැන්සානියාව සහ කෙන්යාව වැනි රටවල විදුලි සම්පේ‍්‍රෂණ මාර්ග ඉදිකරලා තියෙනවා. මේ ව්‍යාපෘති හරහා LTL සමාගම ලංකාවට රැගෙන ආ විදේශ විනිමය ප‍්‍රමාණය රුපියල් බිලියන 24 ක් විතර වෙනවා. රජයට ඉතිරි කරලා දුන්න මුදල රුපියල් බිලියන 200 ක් පමණ වෙනවා.

අද වෙද්දී ලංකාවේ සම්පූර්ණ ට්‍රාන්ස්පෝමර් අවශ්‍යතාවය ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගම සපුරලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී නිෂ්පාදිත ට‍්‍රාන්ස්ෆෝමර්ස් විදේශ රටවල් වෙත අපනයන කිරීමත් ආරම්භ කරලයි තියෙන්නේ. ආසියාවේ සහ අප‍්‍රිකාවේ ශ්‍රී ලංකා තේ වලට පස්සේ ඇති ජනප‍්‍රියම වෙළෙඳ සන්නාමය ද LTL හෝල්ඩිංස්.

තාප, ජල විදුලි සහ සුළං බලාගාර මඟින් විදුලි ජනනය සඳහා කටයුතු LTLහෝල්ඩිංස් සමාගම සිදු කරනවා. ඒ වගේම Ceyleex ඇතුළු සමාගම් සමූහයේ සාමූහික දායකත්වයෙන් ලංකාවේ මෙන්ම බංගලාදේශය, මාලදිවයින සහ අපි‍්‍රකාව ඇතුළු විදෙස් රටවලද විදුලි බල නිෂ්පාදන කටයුතු සිදු කරනවා.ඒ හරහා විදෙස් විනිමය විශාල වශයෙන් ලංකාවට ලබා ගන්න පුළුවන් වීම දේශීය සමාගමක් ලබාගත්ත සුවිශේෂී ජයග‍්‍රහණයක්.


News Articles
Latest Videos
Most Popular Post