News Line| Off Air
Generic placeholder image

Mar
16

අනුෂ්කා එක්ක ලංකාවේ නිවාඩුවක් ගත කරන්න කෝලිට ක්‍රීඩා ඇමති ආරාධනා කරයි.

698 Views


අනුෂ්කා එක්ක ලංකාවේ නිවාඩුවක් ගත කරන්න කෝලිට ක්‍රීඩා ඇමති ආරාධනා කරයි.

විරාත් කෝලි කියන්නේ කාලයක් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පෙන්නනම බෑ. හැබැයි දැන් නම් ලංකාවේ ගොඩක් ක්‍රිකට් ලෝලීන් කෝලිට ආදරය කරනවා. ඒ ඔහුගේ තියෙන මහත්මා ගුණය නිසා.

ගිය අවුරුද්දේ දෙසැම්බර් වල විරාත් කෝලි, බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා එක්ක විවාහ වුණා. විවාහයෙන් පස්සේ කෝලි ක්‍රිකට් තරඟයකටවත් තාම ලංකාවට ආවේ නෑ. ඒ නිසා ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා කෝලිට බිරිඳත් එක්ක නිවාඩුවක් ගත කරන්න ලංකාවට එන්න කියලා ලිපියක් යවලා තිබ්බා.

“මම කෝලිට ක්‍රීඩා කරන්න එන්න කියලා ආරාධනා කරන්නේ නෑ. හැබැයි ඔහුගේ බිරිඳ අනුෂ්කා ශර්මා එක්ක දවස් කිහිපයක් නිවාඩුවක් ගත කරන්න එනවා නම් මම කැමති. විවාහයෙන් පස්සේ ඔහු මේ රටට අවේ නෑ. ඔවුන්ට පුළුවන් අපේ අමුත්තන් වෙන්න. ලංකාවේ බලන්න ඕනෑ තරම් දේවල් තියෙනවා බලන්න.” කියලයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරලා තිබ්බේ.

කොහොම වුනත් කෝලිනම් තාමත් මේ ආරාධනාවට ප්‍රතිචාරයක් දක්වලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post