නිදහස කුසලානයේ තීරණාත්මකම තරඟය අද පැවැත්වෙනවා. එ් ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර. අවසන් මහා තරඟයේදී ඉන්දියාව එක්ක සටන් වදින කණ්ඩායම තීරණය වෙන්නේ මේ තරඟයෙන්. එ් නිසා දෙපිළම අවසන් මහා තරඟයට මෙන් ලොකු ශක්තියක් මේ තරඟය දිනන්න යොමු කරනවා.
බංගලාදේශය දැනටමත් ෂකීබ් අල් හසන් කණ්ඩායමට කැඳවලා තියෙන්නේ. එ් නිසා අද තරඟය ලංකාවට තවත් අභියෝගයක් වේවි. එ් වගේම ප්‍රේමදාස පිටියේ අන්තිමට බංගලාදේශය එක්ක තිබ්බ T20 තරඟ දෙකම ලංකාව පරාජය වෙලා තියෙනවා. එ් නිසා අද තරඟයට ලංකාව තවත් අවධානය යොමු කරන්න ඕන.
පළවෙනි රඟ කිහිපයේම කාසිය වාසිය දිනා ගත්ත කණ්ඩායම තමයි ජයග්‍රහණය කරේ. හැබැයි අන්තිමට තිබ්බ ඉන්දියාව සහ බංගලාදේශ තරඟයේදී එ් තීරණය වෙනස් ව්‍රණා. එ් වුනත් ප්‍රේමදාස පිටිය අවට වැහිබර කාලගුණයක් තමයි දකින්න ලැබෙන්නේ. එ් නිසා කාසියේ වාසිය අද තරඟයේදී තීරණාත්මක එකක් වෙනවා.