News Line| Off Air
Generic placeholder image

Mar
21

“මැච් එකේදී ශ්‍රී ලංකාව cheer කරන්න ඕන ඉන්දියාවට නෙවෙයි. බංගලාදේශයට.” – විමල් වීරවංශ කියයි.

838 Views


“මැච් එකේදී ශ්‍රී ලංකාව cheer කරන්න ඕන ඉන්දියාවට නෙවෙයි. බංගලාදේශයට.” – විමල් වීරවංශ කියයි.

ශ්‍රී ලංකාව සමඟ තිබ්බ තරඟයේ බංගලාදේශ කණ්ඩායම හැසුරුණු විදිය ගැන කතා බහ තාම නැවතිලා නෑ. ක්‍රීඩා විචාරකයින් තාමත් ඔවුන්ද දොස් නගනවා. ඒ අතරේ ලංකාවේ දේශපාලන වේදිකාවේත් බංගලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම කතා වුනා.

පහුගිය දවසක තිබ්බ රැස්වීමකදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඒ ගැන කතා කරා. ඔහු කිව්වේ කණ්ඩායමේ නාහෙට අහන්නේ නැති එකෙක් දෙන්නෙක් හිටියට බංගලාදේශය හොඳයි කියලා. “team එකේ ඉන්න මැට්ටෝ කිහිප දෙනෙක් පිස්සුවක් කෙළියට බංගලිදේශය අපිට දේශපාලන, ආර්ථික අතපෙවීම් කරන රටක් නෙවෙයි. එක තියෙන්නේ අපි cheer කරපු අයියලාගේ රටේ. cheer කරාට කමක් නෑ ක්‍රිකට් නේ. හැබැයි ඔය cheer එක පාවිච්චි වෙන්න පුළුවන් ඔය අස්සේ එට්කා ගිවිසුම අත්සන් කරන්න.” කියලයි මන්ත්‍රීවරයා කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post