News Line| Off Air
Generic placeholder image

Mar
21

පෘථිවිය දෙසට එන ටොන් 9 ක් දැවැන්ත උල්කාවක් න්‍යෂ්ටික අවි යොදාගෙන විනාශ කරන්න නාසා ආයතනය සූදානම් වෙයි.

845 Views


පෘථිවිය දෙසට එන ටොන් 9 ක් දැවැන්ත උල්කාවක් න්‍යෂ්ටික අවි යොදාගෙන විනාශ කරන්න නාසා ආයතනය සූදානම් වෙයි.

පෘථිවියේ විනාශය ගැන කාලෙන් කාලෙට විද්‍යාඥයින් විවිධ කතා කියනවා. පෘථිවියට එන ලොකු අනතුරක් ගැන නාසා ආයතනය අනතුරු අඟවලා තියෙනවා.

නාසා ආයතනය කියන්නේ ටොන් 9 බර දැවැන්ත උල්කාවක් පෘථිවිය දෙසට එනවා කියලා. නාසා ආයත්ගනය මේ දැවැන්ත උල්කාව නම් කරලා තියෙන්නේ “බෙන්නු” කියලා. මේ උල්කාව පෘථිවියේ වායුගෝලයට ඇතුළු වුනොත් ගොඩනැගිලි පවා විනාශ කරමින් ලොකු ව්‍යසනයක් වෙයි කියලයි ඔවුන් අනතුරු අඟවන්නේ.

හදිසියෙවත් මේ උල්කාව පෘථිවිය දෙසට ආවොත් න්‍යෂ්ටික අවි යොදාගෙන වෙනත් දිශාවකට හරවන්න උත්සාහා කරනවා. කොහොම වුනත් මේ දැවැන්ත උල්කාව පෘථිවියේ ගැටෙන්න තියෙන අවස්තාව 2700 කට එකක්.

මේ උල්කාව 2135 ද පෘථිවිය ආසන්නයට ඒවි කියලයි නාසා ආයතනය ගණන් බලලා තියෙන්නේ. ඒ නිසා අනවශ්‍ය බයක් ඇති කර ගන්න ඕන නෑ.


News Articles
Latest Videos
Most Popular Post