News Line| Off Air
Generic placeholder image

Mar
21

ශ්‍රී ලංකා, බංගලාදේශ තරඟයෙන් අනතුරුව තිසර පෙරේරා, මහමදුල්ලා හමුවෙයි.

715 Views


ශ්‍රී ලංකා, බංගලාදේශ තරඟයෙන් අනතුරුව තිසර පෙරේරා, මහමදුල්ලා හමුවෙයි.

නිදහස් කුසලාන තරඟාවලියේදී බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඇතිවුන තත්වය දැන් කාටවත් අලුත් දෙයක් නෙවෙයි. ආන්දෝලනයට ලක්වුණ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නේ තිසර පෙරේරා. ඒ තරඟයේදී අතිරේක ක්‍රීඩක නුරුල් හසන් පිටිය මැදට ඇවිත් තිසරට ඇඟිල්ල දික්කරමින් බැන වැදුණා. ඒ වගේම අවසන් තරඟයේදී මහම්දුල්ලා දැවී ගොස් ක්‍රීඩාගාරයට යද්දී ආරක්ෂක වැටට පයින් ගසාගෙන ගියා.

පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය මේ දවස් වල පවත් වෙනවා. PSL තරඟාවලියේ Quetta Gladiators කණ්ඩායමට තිසර පෙරේරා සහ මහම්දුල්ලා ක්‍රීඩා කරනවා. ඊයේ තිබ්බ තරඟයට කලින් තිසර සහ මහමදුල්ලා Photo එකකුත් ගහලා තිබ්බා.

නිදහස් කුසලානයේදී වෙච්ච නොහොද නෝක්කාඩු දෙන්නම අමතක කරලා වගේ පෙන්නේ. කොහොම වුනත් පරණ සිදුවීම් අමතක කරලා එකට ක්‍රීඩා කරන එක ක්‍රීඩාවේ ජීව ගුණයට හොද දෙයක්.

 


News Articles
Latest Videos
Most Popular Post