News Line| Off Air
Generic placeholder image

Mar
21

AC නැති AC බස් එකේ කොන්දොස්තරට මගීන් එකතු වී උගන්නපු පාඩම. – Exclusive

1830 Views


AC නැති AC බස් එකේ කොන්දොස්තරට මගීන් එකතු වී උගන්නපු පාඩම. – Exclusive

උදේට නිදහසේ Office එකට එන්න ඕන නිසා සමහරු A/C බස් වලට නඟිනවා. හැබැයි නිකන් බස් එකක යනවට වැඩ ඒ බස්වල තම්බෙනවා. සමහර A/C බස්වල A/C කියලා බෝඩ් ගහලා තිබ්බට A/C නෑ. ඒ වගේ බස් එකකට අද මගින් පිරිසක් අපූරු පාඩමක් උගන්වලා තිබ්බා.

අද උදේ කළුතර කොළඹ A/C බස් එකකදී මඟියෙක්ට ඉතුරු සල්ලි දීලා නෑ. ඒ විතරක් නෙවෙයි A/C කියලා ගහලා තිබ්බට බස් එකේ A/C තිබිලත් නෑ. මේ ගැන කේන්ති ගිය මගින් කොන්දොස්තරවරයාට මේ ගැන චෝදනා කරලා තිබ්බා. මුලින් මඟීන්ගේ ඇඟට කඩන පන්න කොන්දොස්තර වැඩේ හරි යන්නේ නෑ කියලා තේරුනාම බස් රථයේ හිමිකරුට කෝල් එකක් ගත්තා.

බස් රථයේ මඟින් බස් රථයේ හිමිකරුටත් බැන වැදුණා. පසුව මඟීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට කතා කරලා බස්රථය අල්ලලා දුන්නා. ඊට පස්සේ මාර්ගස්ථ මගී ප්‍රවාහන් අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඔවුන්ගෙන් මේ වරදට දෙන දඩුවම ඇහුවම කිව්වේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවක්. මාර්ගස්ථ මගී ප්‍රවාහන් අධිකාරිය කිව්වේ බස්රථයේ රියදුරු සහ කොන්දොස්තර පුහුණු පාසලකට යොමු කරනවා කියලයි.

ඒ අවස්ථාවේ හිටිය මඟියෙක් මේ සිදුවීම Video කරලා සියත 24 වෙත දුන්නා. මේ තියෙන්නේ ඒ Video ව.

https://youtu.be/chyLsC5uaeg


News Articles
Latest Videos
Most Popular Post