අද එක ලග්නයක් සතුරන්ගෙන් ප්‍රවේසම් වන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.
645 Views
අද 2018 මාර්තු මස 22 වනදා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.48 සිට 03.18 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.46 සිට 03.16 දක්වා
සුභ දිශාව: නැගෙනහිර
මේෂ ලග්නය

ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. එඩිතර බව හා නායකත්ව ගුණාංග ඔබට අද ජය ගෙන දෙන දිනයකි. අවංකව හා යුක්ති සහගතව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. අවිවාහක අයට සුභ මංගල යෝග ඇතිවන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 02
වෘෂභ ලග්නය

කලා කටයුතු වලට ඉතාම සුභ දිනයකි. සුක්ෂම කලා නිර්මාණ වලට ඉතාම සුභ දිනයකි. එමගින් ආදායම් තත්වය පවා ඉහල යයි. නිවසක්, ඉඩමක් මිලදී ගැනීමට ඉතාම සුභ දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 01
මිථුන ලග්නය

ණය ගනුදෙනු වලට වඩාත් අසුභ දිනයකි. සන්සුන්ව ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. වෙනදට වඩා ඔබගේ සතුරන් පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයකි. කෝපය කටයුතු වලට වැඩි බාධා ගෙනදෙන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
කටක ලග්නය

නිසි ලෙස වගකීම් අනලස්ව ඉටු කරන දිනයකි. වචන භාවිතයෙන් තම වෘත්තීය කටයුතු කරගෙන යන අයට ඉතාම සුභ දිනයකි. බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඔබට ලැබෙන දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. ඉතා විශාල ජයග්‍රහණ පවා ලබාගත හැකි දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 02
සිංහ ලග්නය

අන් අයට ආදර්ශමත්ව දිනය ගත කරයි. ව්‍යාපාර වලින් වැඩි ලාභ ලැබෙන දිනයකි. සමාජ සේවා වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. නිදහසේ හා විනයානුකුලව, වඩාත් ශක්තිමත් තීරණ මත ඔබ කටයුතු කරයි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. මනා පෞරුෂයකින් යුතුව නිර්භීතව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 01
කන්‍යා ලග්නය

මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. ලේඛන කලාවට දක්ෂ ඔබටද වඩාත් යෝග්‍ය දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු මෙන්ම අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද ඉතාම යෝග්‍ය දිනයකි. ඔබේ ආර්ථික ශක්තියද වඩාත් යහපත් වන සුභ දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 09
තුලා ලග්නය

ජල විපත් මෙන්ම ගිනි විපත් ඇතිවිය හැකි දිනයකි. නොදන්නා අයගෙන් වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ප්‍රශ්න හමුවේ සාර්ථකව කටයුතු කරගෙන යා හැකි දිනයකි. නමුත් සතුරන්ගෙන් ප්‍රවේසම් වීමට කටයුතු සම්පාදනය කරගන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 08
වෘශ්චික ලග්නය

හරි වැරැද්ද නිවැරදිව හදුනාගනිමින් කටයුතු කළහැකි දිනයකි. සෞඛ්‍ය තත්වයද වෙනදට වඩා යහපත් වන දිනයකි. නිදහස්ව මෙන්ම වඩාත් සන්සුන් සිතුවිලි ඇතිවන දිනයකි. තියුණු නුවණින් යුතුව කටයුතු කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 07
ධනු ලග්නය

ඔබේ සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා ඔබ සැළකිලිමත් විය යුතු දිනයකි. ප්‍රතිකාර සඳහා යොමුවීමද වැදගත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න. නායකත්ව ගුණාංග ඔබට සාර්ථකත්වය ගෙන දෙන දිනයකි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 06
මකර ලග්නය

සිත පාලනයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. රැකියා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. අනවශ්‍ය අය ආශ්‍රය ඔබට අවාසි ගෙන දෙයි. එබැවින් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 05
කුම්භ ලග්නය

තැනට සුදුසු නුවණින් ඔබ අද කටයුතු කරන නිසාම ඔබ වීමට ඇති වැරදි වලින් ඔබව වැළකෙන දිනයකි. මොළයෙන් කරන සුක්ෂම වැඩ කටයුතු වලින් ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. අන් අය පිළිබඳව ඉවසිල්ලෙන් හා සෙවිල්ලෙන් කටයුතු කරන්න. ආදායම් තත්වය සුභ වන දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 02
මීන ලග්නය

වගකීම් දැරීමට ඔබ අද දින ඉතාම දස්කමක් දක්වයි. සුභ මංගල යෝගද ඇතිවිය හැකි දිනයකි. ඔබේ බොහෝ කුසලතාවයන් නිසාම ඔබ අන් අය අතර කැපී පෙනෙන දිනයකි. නිසි සැලසුම් මත කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. හදිසි ධන ලාභ ඇතිවන දිනයකි.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829