තිසර පෙරේරා බංගලාදේශ කණ්ඩායමේ මහමදුල්ලා එක්ක ගහපු Photo එකක් ගැන අපි ඊයේ ඔබට කිව්වා මතක ඇති. ඔවුන් දෙන්න මේ විදියට Photo ගහලා තිබ්බේ PSL තරඟාවලිය අතර තුරදී. තිසර පෙරේරා PSL තරඟාවලියේ ක්‍රීඩා කලේ කුයිටාර් ග්ලැඩියේටර් කණ්ඩායමට.
පෙරේදා තිබ්බ පරාජිතයන් පිටුදැකීමේ තරඟයෙන් කුයිටාර් ග්ලැඩියේටර් කණ්ඩායම පරදවා එක් ලකුණක තියුණු ජයක් හිමිකරගැනිමට පේෂ්වර් ස්ලාමි කණ්ඩායම සමත් වුණා. ඒ නිසා ගිය පයින්ම ආයෙත් ලංකාවට එන්න තිසරට සිද්ධ වුණා. කාසියේ වාසිය දිනා ගත්ත කුයිටාර් ග්ලැඩියේටර් කණ්ඩායම මුලින්ම ලකුණු රැස් කරන්න පේෂ්වර් ස්ලාමි කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නා.
පේෂ්වර් ස්ලාමි කණ්ඩායම පන්දුවාර 20 අවසන් වෙද්දී ලකුණු 157 ක් ලබා ගත්තා. තිසර පෙරේරා ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත්තා. ලකුණු 157 ක් ඉලක්කයක් හඹා ගිය කුයිටාර් ග්ලැඩියේටර් කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 156 ක් විතරයි. අවසන් මොහොතේ පිටියට ආව තිසරට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 12 ක් විතරයි.
අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණයට කුයිටාර් ග්ලැඩියේටර් කණ්ඩායමට ලකුණු 25 ක් අවශ්‍ය වුණා. අන්වර් අලී සටන්කාමී ඉනිමක් දියත් කරමින් අවසන් පන්දුවාරයේදී ලකුනු 23ක් ලබා ගත්තා. නමුත් ජයග්‍රහණය කරන්න ඔවුන්ට හැකියාව ලැබුණේ නෑ.